ගැබිණි සමය සහ කෙණ්ඩා පෙරළීම

0
4

ගැබිණි සමයේ සිටින මවුවරුන් නිතර නගන චෝදනාවක් තමා මේ කෙණ්ඩා පෙරලීමඑය ඉතාමත්ම අනාරක්ෂිතයිඒ වගේම වේදනාකාරියිපොදුවේ සියලු දෙනාටම බලපාන මේ ආපහසුතාවය ගැන අපි පොඩ්ඩක් දැනුවත් වෙමු නේද ?

මොකද්ද මේ රෝගය ?

මෙය මාංශ පේශි හරහා එන වේදනාත්මක තත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්ඒ වගේම රුධිර සංයුතියේ සිදුවන වෙනස්කම සහ රුධිරය එක තැනකට එකතුවීම සහ එහි තෙරපීම නිසා මෙම ආබාධය හට ගන්නා බව තවදුරටත් හැඳින්විය හැකියිබොහෝවිට ගැබිණි මවුවරුන් මෙයට ගොදුරු වන නිසා මෙය අසාමාන්‍ය තත්වයක් නෙවෙයි කියලා කියන්න පුළුවන්.

ඇයි එහෙම වෙන්නේ ?

  • නිශ්චිතවම කරුණු දක්වන්නට අපහසු වුවත් විජලනය නිසා යයි පවසනවාඇතැම් මවුවරුන් ජලය හෝ වෙනත් පානයන් ගන්නේ නැහැ අප්‍රිය නිසාඑයත් හේතුවක් වන්නට පුළුවනි.
  • ඒ වගේම එකම ඉරියව්වෙන් එකම තැන දෙපා තබාගෙන සිටීමත් මේ සඳහා බලපානවා.
  • ඒ වගේම දියවැඩියාව තියෙන මවුවරුන් වැඩිපුර මේ අපහසුතාවයට ගොදුරු වෙනවා.

වැළකෙන්නේ කෙසේද ?

  • විජලනය ඇතිවීම වළක්වා ගත යුතුයිනිතර වතුර පානය කිරීමෙන් මෙන්ම වතුර අප්‍රිය නම් තැඹිලි හෝ ජීවනී වැනි දියර වර්ගයක් තෝරාගන්නට පුළුවන්… වායුසමීකරණ සහ නිතරම විදුලි පංකාව අවශ්‍ය අය විජලනය වීම වැඩියි.
  • එකම ඉරියව්වෙන් ඉඳගෙන සිටීම නොකළ යුතුයිමදක් එහා මෙහා ඇවිදීම සහ ව්‍යායාම මගින් මේ තත්වය නවතා ගන්නට හැකියාව තිබෙනවා.
  • ඔබේ වෛද්‍යවරයාගෙන් සුදුසු ව්‍යායාමය නිර්දේශ කරවාගැනීම මෙහිදී වැදගත් වනවා.

වේදනා නාශක වෙතට යොමු නොවී මෙවැනි ක්‍රම මගින් තත්වය සමනය කරගැනීමට උත්සාහ කිරීම අනිවාර්යයෙන් ම සැළකිල්ලට ගත යුතු වනවා.

– චම්මි –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here