විරෝධතා අතරතුර නේපාල ආරක්ෂක අංශවල ප්‍රහාර හමුවේ 13ක් මරුට

0
7

නේපාල රජයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් සහ එරට ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වල දී අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

Facebook, X සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරට රජය ගත් තීරණයට එරෙහිව කත්මණ්ඩු හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසල රැස්වූ පිරිස සිය විරෝධතා වල නිරත වූ අතර පසුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩාවැදීමට උත්සහ කිරීමත් සමඟ තරුණයින් විසුරුවා හැරීමට නේපාල පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

‘Z’ පරම්පරාව ලෙස හඳුන්වා ගනිමින් මෙම විරෝධතාකරුවන් මෙලෙස සිය විරෝධය දක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිතිවි සුබා පවසා ඇත්තේ පොලීසියට බලය යෙදවීමට සිදු වූ බවටය.

ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍යවේදිකා නියාමනය කළයුතු බව රජය පවසා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here