ශ්‍රී ලංකාව – පාකිස්තාන – ඇෆ්ගනිස්තාන තුන්කොන් සටනක්

0
9

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය එක්වන තුන්කොන් විස්සයි20  ක්‍රිකට් තරගාවලියක් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ කිරීමට සැළසුම් කර ඇත්තේ නොවැම්බර් 17 වැනිදාය. 

කෙසේ වෙතත් මෙම තරගාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට සැළසුම් කර තිබූ ද්වීපාර්ශවික විස්සයි20 තරගාවලිය අවලංගු වන බව ද සඳහන්ය. 

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය නොවැම්බර් 19 වැනිදාත්, පාකිස්තාන – ශ්‍රී ලංකා තරගය නොවැම්බර් 22 වැනිදාත් පැවැත්වීමට නියමිතය. 

ඉන් අනතුරුව යළිත් 22 වැනිදා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය තරග බිමට පිවිසීමට නියමිත අතර පාකිස්තානය සහ ශ්‍රි ලංකාව අතර තරගය 27 වැනිදා පැවැත්වෙනු ඇත. 

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය නොවැම්බර් 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතය. 

මෙහි පළමු තරග 2 රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට සැළසුම් කර ඇති අතර සෙසු තරග ලාහෝරයේදී පැවැත්වීමට සැළසුම් කර ඇත. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here