රස වගේම ගුණයෙන් ඉහළ තුනපහ ගෙදරදී හදමු.

0
20


අපි බොහෝ වෙලාවට සකසන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර හෝ ඉන්දීය ආහාර වර්ග.මේ මොන ආහාරයක් හැදුවත් අපි හොඳින් කුළුබඩු සහ තුනපහ, මසාලා වර්ග යොදනවා.ඒ නිසා අද අපි ඔබට කුළුබඩු වර්ග සකසන ආකරය කියන්න හිතුවා.

ගරම් මසාලා

අවශ්‍ය දෙවල්:

  • කොත්තමල්ලි ඇට කප් 1/4
  • කරදමුංගු මේස හැදි 2
  • ගම්මිරිස් ඇට මේස හැදි 2
  • කරාබු නැටි මේස හැදි 2
  • මාදුරු මේසහැදි 1
  • බිරියානි මල් (Star Anise) 3-4
  • කුරුඳු පොතු
  • සාදික්කා ටිකක්
  • බේ ලීෆ් කොල 8-9
  • සුදුරු තේ හැදි 1

සාදාගන්නා ආකාරය:

මේ සියල්ලම භාජනයකට දමා අඩු ගින්දරේ මඳ වේලාවක් කබලේ බැද ගන්න.
මඳ රස්නේ ගතිය තිබියදීම බ්ලෙන්ඩර් කර පෙනේරයකින් හලා ගන්න.
හොඳින් නිවුණු පසු ජීවාණුහරණය කළ බෝතලයකට දමා හුලං නොවදින ලෙස අසුරා ගන්න.

බිරියානි මසාලා

  • වේලුණු මිරිස් කරල් 2
  • බේලීෆ් කොළ 7/8
  • කොත්තමල්ලි ඇට මේස හැදි 2
  • සුදුරු ඇට මේස හැදි 1
  • මාදුරු තේ හැදි 1
  • වසාවාසි කෑලි 2
  • කුරුඳු කෑල්ලක්
  • සාදික්කා ගෙඩි 1
  • කරාබු නැටි තේ හැදි 1
  • කරදමුංගු
  • කරදමුංගු 10/12
  • ස්ටාර් ඇනීස් (බිරියානි මල්)3
  • ගම්මිරිස් ඇට තේ හැදි 1

මේ සියල්ල සෝදා වේලා ගෙන තරමක් වෙලා කබලේ බැද හොඳින් කුඩු කර ගන්න.

බැදපු තුනපහ

  • කොත්තමල්ලි 500g
  • සුදුරැ 50 g
  • මාදුරැ 250g
  • කුරැඳු පොතු 2
  • කරපිංචා ඉති 2
  • එනසාල් 5
  • කරඹුනැටි 5
  • උළුහාල් 10g

සියල්ල හොඳින් බැද ගන්න
රස්නය තිබියදීම ග්‍රයින්ඩරයේ කොටා ගන්න
පෙනේරයකින් හලාගෙන ජීවාණුහරණය කළ බෝතල්වල අසුරා ගන්න.

මේ වගේ රසකාරක වර්ග ගෙදරදීම හදා ගත්තම ඔබට ඒවා සැකයකින් තොරව ආහාරවලට යොදන්න පුලුවන්.සුවඳ රස වෙනදාට වඩා වැඩියෙන් දැනේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here