පැලුණු දෙපතුලට ගෙදරදීම ප්‍රතිකාර.

0
3

ස්මාර්ට්ලේඩි අපි නිතරම ඔබට කියන්නේ මුදල් අවම ලෙස වියදම් කරලා ලස්සනට ඉන්න ආකාරය යි.

පැලුණු දෙපා ගැන හිත කරදරයෙන් ඉන්න ඔබට ලෙහෙසියෙන්ම ගෙදරදී කරන්න පුලුවන් සත්කාර තමයි මේ..

 

සීනි සහ ඔලිව් තෙල්.

සීනි සහ ඔලිව් තෙල් වලට දෙහි බින්දු කිහිපයක් දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙය හොඳින් පොගවා ගත් යටිපතුල් වල ආලේප කොට හොඳින් ස්ක්‍රබ් කරන්න. විනාඩි 10ක් පමණ ස්ක්‍රබ් කොට මද උණු ජලයෙන් සෝදා හරින්න.

 

ඉදුණු කෙසෙල්, ලෙමන් යුෂ.

ඉදුණු කෙසෙල්, ලෙමන් යුෂ (දෙහි යුෂ) සමග මිශ්‍රකර පොඩි කර ගන්න. මේ මිශ්‍රණය යටිපතුල් වල ආලේප කොට විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

 

ඔලිව් තෙල්.

නිදාගැනීමට පෙර ඔලිව් තෙල් වලින් දෙපතුල් හොඳින් සම්බාහනය කරන්න.

 

දෙහි යුෂ සහ ග්ලිසරින්.

වෙළඳපොළෙන් ලබා ගත හැකි ග්ලිසරින් සහ දෙහි යුෂ සහ රෝස වතුර සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් මිශ්‍ර කොට දෙපතුල් ආලේප කර මිනිත්තු විස්සක් පමණ තබන්න.

 

එලකිරි සහ මී පැණි.

කිරි සහ මී පැණි භාජනයකට දමා ඔබේ දෙපා එහි පොගවමින් සම්බාහනය  කරන්න. මිනිත්තු විස්සකට පසු සම්බාහනය කොට මඳ උණුසුම් ජලයෙන් දෙපා සෝදා හරින්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here