2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..

0
9

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW :

2026 වසරේදී හය ශ්‍රේණියේදී ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එම සිසුන් සඳහා හත ශ්‍රේණියේදී ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයට එක්වෙමින්, ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී, අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවේ හත ශ්‍රේණියේදී ක්‍රියාත්මක කරන නව මොඩියුල සම්බන්ධයෙන් ද විධිමත් අධ්‍යයනයක් සහ දැනුවත් කිරීමකින් පසුව සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

මෙම වසර පුරා නව මොඩියුල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here