ඕනෑම සමකට සුදුසු ෆේස් මාස්ක් කිහිපයක්

0
3

සැලෝන් එකකට මුදල් වියදම් නොකර නිවසේ සිටම ඔබටම කරගත හැකි ප්‍රතිකාර බොහොමයක් තියෙනවාබාහිර ප්‍රතිකර්ම වගේම සතුටින් සිටීමප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමවතුර පානය කිරීමනිසි පෝෂණයෙන් යුතු ආහාර ගැනීමත් අනිවාර්යයෙන්ම වැදගත් …

තෙල් සහිත සමට

කුඩු කරගත් ඕට්ස් මේස හැඳි 1, කඩල පිටි මේස හැඳි 1, මී පැණි තේ හැඳි 1

සහ රෝස වතුර එක්කර පැක් එකක් සාදා මුහුණේ සහ ගෙලෙහි ආලේප කර විනාඩි 10 තිබෙන්නට හැර සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න.

ඕනෑම සමකට

බිත්තර සුදු මදයක්යෝගට් මේස හැන්දක්දෙහි බින්දු දෙක තුනක් එකට මිශ්‍ර කර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර වියලෙන්නට හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි භාගයකට මී පැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් මේස හැන්දක් එක්කර හොඳින් පොඩි කරගන්නමෙම මිශ්‍රණය මුහුණේ සහ ගෙලෙහි ආලේප කර විනාඩි 15 පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා නැවත සිසිල් ජලයෙන් සෝදා හරින්න.

වියළි සමට

සූරාගත් ඉදුණු අලිගැට පේර මද මේස හැඳි කට මී පැණි මේස හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙහි ආලේප කර වියලෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

එඬරු තෙල් මේස හැඳි දෙකකට දෙහි යුෂ තේ හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කරන්නරාත්‍රී නින්දට යාමට පෙර මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි දෙක තුනක් උඩු අතට කවාකාරව සම්භාහනය කරන්නඋදෑසන මඳඋණුසුම් ජලයෙන් සෝදා හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here