දිදුලන නීරෝගී සමක් ලබා ගන්න යෝගට් වලින් කළ හැකි සත්කාර.

0
5

අපි බොහෝ දෙනෙක් යෝගට් කන්න රුසියෝ. ෆ්‍රිජ් එක යෝගට් වලින් පිරිලා. යෝගට් කන එක අපේ සෞඛ්‍යමත් ජීවිතයට ඉතාම හොඳයි.ඒ වගේම යෝගට් වලින් කරන රුව සත්කාරත් ඒ තරමට ම හොඳයි. යෝගට් වල තියෙන ලැක්ටික් අම්ලය, විටමින් B සහ D අපේ සමට ඉතාමත් ගුණදායකයි.

යෝගට් වලින් කළ හැකි සත්කාර

වියළි සමට සත්කාර

  • යෝගට් තේ හැඳි දෙකක්,හොඳින් බ්ලෙන්ඩ් කර ගත් කෝමාරිකා මද සහ රෝස වතුර මිශ්‍ර කර මිශ්‍රණයක් සකසා ගන්න.
  • එය හොඳින් සමේ ආලේප කරන්න
  • පැය බාගයක් පමණ තබා උණුසුම් වතුරින් සෝදා හරින්න.

මෙය ඔබේ සමේ වියළි ගතිය මඟ හරවා සම සිනිඳු කරන හොඳ මොයිස්චරයිස් සත්කාරයක්.

මුහුණේ වියළි සමට ප්‍රතිකාර

  • යෝගට් තේ හැඳි දෙකක්, මී පැණි සහ කොකෝවා තේ හැඳි දෙක බැඟින් මිශ්‍ර කර ගන්න.
  • මුහුණේ හොඳින් ආලේප කර මිනිත්තු විස්සකට පසු සෝදා හරින්න.

අව්වට දුර්වර්ණ වූ සමට ප්‍රතිකාර

  • කඩල පිටි කෝප්ප බාගයක් සහ යෝගට් තේ හැඳි තුනක් හොඳින් මිශ්‍ර කරන්න.
  • සමේ දුර්වර්ණ ස්ථාන වල ආලේප කරන්න.
  • මිනිත්තු තිහකට පසු සීතල වතුරින් සෝදා හරින්න.

අව්වේ යාමෙන් සමේ ඇති වන කැළැල් වලට සහ දුර්වර්ණතා වලට ගැලපෙනම ආලේපයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

කුරුලෑ නිසා හටගත් කැලැල් වලට සත්කාර

  • යෝගට් තේහැඳි තුනකට දෙහි බෑයක යුෂ මිරිකා ගන්න.
  • ආසාදිත ස්ථාන වල හොඳින් තවරන්න.
  • මිනිත්තු විස්සකට පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • නැවත සීතල වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු තුවායකින් මුහුණ පිස දමන්න.

මෙය සතියකට දින තුනක් බැගින් කිරීම හොඳ ප්‍රතිඵල ලැබීමට හේතුවක්

කුරුලෑ සඳහා ප්‍රතිකාර

  • යෝගට් සහ මී පැණි තේ හැඳි දෙක බැගින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • ආසාදිත ප්‍රදේශවල ආලේප කරන්න.
  • මිනිත්තු දහයකට පසු සෝදා හරින්න.

සතියට දෙවතාවක් මේ සත්කාරය කරන්න.

ඇස් යට කළු වීමට ප්‍රතිකාර

  • යෝගට් ටිකක් පුළුන් කැබැල්ලක තවරා ගන්න.
  • dark Circles වල ආලේප කරන්න.
  • මිනිත්තු දහයකින් සෝදා හරින්න.
  • මෙය දිනපතා සිදු කරන්න.

මේ සත්කාරවලින් ඔබේ මුහුණ සහ සම නැවත දීප්තිමත් කර ගන්නත් නීරෝගී බව ආරක්ෂා කරමින් සුන්දර පෙනුමක් ලබා ගන්නත් හේතු වේවි

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here