එ. ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ  වාර්තාවට රජයේ නිල පිළිතුරු බාර දෙයි

0
8

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව  මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇත.

ඒ අනුව රජයේ නිල පිළිතුර තුළ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවන බවට රජය නිල වශයෙන් මානව හිමිකම් කවුන්සලය වෙත දැනුම් දී ඇත.

එම පිළිතුරේ මෙසේ ද දැක්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාශය පවසයි.

‘බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.’

ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින  රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී. ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.

එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවිතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු.’

මීට අමතරව 60 වන සැසිවාරයට සහභාගී වන විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අද (08) ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03.45ට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here