නිවසේදීම කෙරටීන් ට්‍රීට්මන්ට් එකක් කරමු..

0
6

කෙරටීන් සත්කාරයක් හිසේ පෝෂණයට ඉතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙය සැලෝන් එකකදී රසායනික ද්‍රව්‍ය වලින් කර ගත්තත් අපිට නිවසේදී ම ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරමින් කර ගැනීමටත් හැකියි. මේ ඒ පහසු ට්‍රීට්මන්ට් එක ගැන ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි මධු ජයවීර මහත්මියගෙන් අප ලබා ගත් අදහස්..

මේ සත්කාරයට පෙර කොණ්ඩය හොඳින් ෂැම්පු කර සෝදා ගන්න. ඒත් කන්ඩිෂනර් කරන්න එපා.

සත්කාරය සඳහා අවශ්‍ය වෙන්නේ මේවා..

  • කෝමාරිකා කැබැල්ලක්
  • දෙහි
  • විටමින් E කරල්
  • ඔලිව් තෙල්
  • Corn flour මේස හැඳි දෙකක්
  • පොල් කිරි

මිශ්‍රණය හදා ගනිමු.

  • මේ කෝමාරිකා කැබැල්ල හොඳින් බ්ලෙන්ඩ් කර එයට Corn flour එක් කරන්න.
  • පොල් කිරි තේ හැඳි දෙක තුනක් සහ ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් එකතු කරන්න.
  • මේ මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩර් කර ලිපේ තබා විනාඩි පහක් රත් කරන්න.
  • එය නිවාගෙන දෙහි බෑයක යුෂ සහ විටමින් ඊ කැප්සියුල දෙකක් දමා ගන්න.

ට්‍රීට්මන්ට් එක කර ගන්නේ මෙහෙමයි.

  • එසේ සාදා ගත් මිශ්‍රණය හොඳින් හිසේ තවරා ගන්න.
  • බ්‍රෂ් එකක් භාවිතා නොකර අතින් තවරා ගන්න.
  • කොණ්ඩය හිසේ රඳවාගෙන පැය දෙකක් තබන්න.
  • ඉන්පසු හිස සෝදා ගන්න. ට්‍රීට්මන්ට් එකට පෙර පාවිච්චි කළ ෂැම්පු එක පාවිච්චි කරන්න එපා. බේබි ෂැම්පු එකක් පාවිච්චි කරන්න.
  • ඉන්පසු කොණ්ඩය Blow dry කර ගන්න.
  • අවශ්‍ය නම් කොණ්ඩය අයන් කර ගන්න.

මේ ඔබේ කොණ්ඩයට අපූරු ප්‍රෝටීන් සත්කාරයක්. ඔබට මෙය පහසුවෙන්ම කර ගන්න පුලුවන්. මේ වීඩියෝවෙන් වැඩි විස්තර නරඹන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here