අනතුරේදී සහාය දැක්වූ සැමට ස්තූතියි – වෛද්‍ය පාලිත රාජපක්ෂ

0
7

ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මාරක අනතුර සිදුවූ අවස්ථාවේ සිට බදුල්ල මහ රෝහලේ සියලුම වෛද්‍යවරුන්, හෙද හෙදියන්, කාර්යමණ්ඩලය, සියලුම සේවක සේවිකාවන් විසින් ඉටු කළ අපරිමිත වූ මිනිස්කම සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මියගිය අය වෙනුවෙන් බලවත් ශෝකයත් තුවාලකරුවන් වෙනුවෙන් සිය කනගාටුවත් සිද්ධිය වූ අවස්ථාවේ සිට ජාති, ආගම් කිසිම භේදයකින් තොරව සහයෝගය දැක්වූ සියලුම අවංක මිනිසුන්ට සිය උපහාරය දක්වන බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසුවේය.

මමත් හෘදයාබාධයකට ලක් වූ අයෙක්. මේ වෙලාවේ අපේ රණවිරුවො ක්‍රියා කළේ ජීවිතය පරදුවට තියලා.

කෙසේ නමුත් මට මුළු ලෝකයාටම කියන්න තියෙන්නෙ අපේ රටේ තවමත් මිනිස්කම දන්න, හඳුනන පිරිසක් සිටීම මේ අවස්ථාවේදී මා හඳුනාගත් බවද වෛද්‍යවරයා පැවසීය.
ධර්මසේන වැලිපිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here