ස්වභාවික ද්‍රව්‍ය අඩංගු ෆේස්පැක් කිහිපයක්.

0
4

ලස්සන මුහුණක් වෙනුවෙන් අපි බොහෝ මුදල් වැය කළ යුතු නැහැ. ස්වභාවික අමු ද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම කර ගන්නට පුලුවන් රූපලාවණ්‍ය සත්කාර කිහිපයක් තමයි මේ.

1. පිපිඤ්ඤා පේස් පැක්

පිපිඤ්ඤා ගෙඩියක පොතු ඉවත් කර මදය පොඩි කර ගන්න. එයට සීනි එකතු කර ශීතකරණයේ තබන්න. මඳ වේලාවකින් මිශ්‍රණය පිටතට ගෙන මුහුණේ ආලේප කරන්න. විනාඩි දහයකට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
සමේ වියළි බව නැති කරගන්න ඉතා සුදුසුයි.

2. සුදු හඳුන් පැක්

සුදු හඳුන් සහ රෝස වතුර මිශ්‍ර කර මුහුණේ ආලේප කර පමණ මිනිත්තු විස්සකට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
සමේ කැලල් ඉවත් වීමට මෙය සුදුසුයි.

3. බිත්තර කහ මද පැක්

බිත්තර කහ මදය සහ මී පැණි හොඳින් මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. විනාඩි විස්සකට  පසු සෝදා ගන්න.

4. කෙසෙල් පැක් එක

කෙසෙල් ගෙඩියක් හොඳින් පොඩි කර මී පැණි සහ ඔලිව් ඔයිල් යොදා මිශ්‍ර කරන්න. මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි දහයකට පසු සෝදා හරින්න.
මුහුණේ රැළි වැටීමට ඉතා සුදුසුයි.

5.පැණි කොමඩු පැක් එක

කොමඩු යුෂ සහ මී පැණි එකට මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. විනාඩි විස්සකින් සෝදා ඉවත් කරන්න.
දැඩි හිරු රශ්මියට නිරාවරණය වූ විට මෙය අනිවාර්යයෙන් ප්‍රතිඵල ලබා දෙන පැක් එකක්.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here