පහසුවෙන් ජීවිතය වෙනස් කරගන්න Smart Plan එකක්

0
21


සුපිපි හරිම සතුටින්. සුපිපිගේ ගෙවත්ත වසන්තය පිළිගන්න මල් වලින් සැරසිලා. නැවුම් සුවඳකින් ගෙවත්තම පිරී ඉතිරී ගිහින්. සුපිපිත් අලුත් උද්‍යෝගයකින් සැරසිලා. අලුත් අවුරුද්ද නිසා පරිසරය කොපමණ හැඩ වෙනවද ? අලුත් වෙනවද ?ඉතින් අපිත් ඒ එක්කම අලුත් වුණොත්, සුව දායක විදියට වෙනස් වුණොත් නේද හොඳ ?

සුපිපි කල්පනා කළා. පරිසරය වගේම මමත් වෙනස් වෙනවා. අලුත් වෙනවා. අනිත් අයටත් මේ ගැන කියලා දෙනවා. එයා එහෙම හිතුවා. ඉතින් සුපිපි තමන් ගැන හිතන්න පටන් ගත්තා. කොලයක් පෑනක් ලඟට ගත්තා. ඉතින් ඔබටත් අලුත් අවුරුද්දේ අලුත් සිතුවිළි සමඟ අවදි වෙන්න ඕනා කියලා අප දන්නවා.

මොනවද මගේ වෙනස් විය යුතු දේවල් ?

මේ සුපිපිගේ සැලසුම. ඉතින් මේ ඇය තමන් ගේ දැකපු අඩුපාඩු ටික පමණයි. ඉතින් දැක්කට විතරක් මදිනේ. මේවට යොදන පිළියම් ගැන හිතන්නත් වෙන්නේ තමන්ටම තමා. මොකද අනුන්ගේ විසඳුම් තමන්ට ආදේශ කරගන්න අමාරු නිසා. ඉතින් ඔන්න මේ ටික අප මෙහෙම වගු ගත කරමු. එතකොට වඩාත්ම පහසුයි. කාර්යක්ෂමයි.

ඔන්න ගෙවල් දොරවල් අස් පස් කරලා, ඇඳුම් පැළඳුම් මිලදීගෙන කැවිලි පෙවිළි හදාලා, නෑ ගම් ගිහින් වෙනදා ඉවර වෙන අවුරුද්ද මේ සැරේ ඔබේ ජිවිතයට එකතු වන අලුත් වෙනස සමඟම වසර පුරාම ගලා යන ප්‍රීතියෙන් සහ සාර්ථකත්වයෙන් පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් කරගන්න ලැබේවා කියලා ස්මාට් ලේඩි සුබ පැතුම් එක්‌ කරනවා.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here