කුස්සියේ වැඩ පහසු කරන අත්තම්මාගේ ඉවුම් පිහුම් රහස් ටිකක් අපිත් දැනගමු

0
16


තක්කාලි පොතු ගලවන පහසුම ක්‍රමය…

තක්කාලි ගෙඩිය උතුරන වතුරට දමා විනාඩියක් තබා පොත්ත අරින්න

මාළු මිරිස් කපන විට අත දැවිල්ල නම්…

පොල් තෙල් අතේ තවරාගෙන මාළු මිරිස් කපන්න.

සුදු ළුණු ඉක්මනින් ශුද්ධ කිරීමට…

සුදු ළුණු බික් ගලවා ඇල් වතුරට දමා ගත් විට ඉක්මනින් පොතු ගැලවේ.

බිත්තර කටු පහසුවෙන් ඉවත් කිරීමට…

තම්බා ගත් බිත්තර වල කටුව පහසුවෙන් ඉවත් කිරීමට බිත්තර තම්බන විට ලුණු සහ විනාකිරි දමා විනාඩි අටක් තම්බන්න.

කඳුළු නැතිව රතු ළුණු සුද්ද කරන හැටි…

රතු ළුණු සුද්ද කරන විට ඇස් දැවිල්ල නැවත්වීමට පිහියේ මුහුණතට රතු ළුණු කැබැල්ලක් ගසන්න.

මස් තද නම්…

මෙලෙක් නැති ඕනෑම මස් වර්ගයක් ඉදුණු ගස්ලබු කැබැල්ලක අතුල්ලන්න.ඉක්මණින් මෙලෙක් වේ.

කෙසෙල් මුහ මෙහෙම හදන්න…

කෙසෙල් මුහවල තිත්ත ,කහට රසය නැති කිරීමට ලියාගත් කෙසෙල් මුහයට වතුර ටිකක්,ලුණු සමග දෙහි ගෙඩියක ඇඹුල් මිරිකා දෙහි ලෙල්ලද දමා ටික වේලාවක් තබන්න.එවිට සුදු පෙණ ආකාරයට උඩට මතු වී එයි.එවිට හොඳින් සෝදා තෙත බේරෙන්න තබා අනෙකුත් ද්‍රව්‍ය එකතු කර පිසින්න

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here