නිවසේ එදිනෙදා භාවිතයෙන් ඉවත් කරන කළමණා අතර මේස් වලට ප්‍රධානම තැනක් හිමි වෙනවා. විශේෂයෙන්ම පාසල් වියේ දරුවන් සිටින නිවසක් නම් මේ ඉවත් කරන මේස් ප්‍රමාණය ඉතාමත්ම වැඩියි. බොහෝ විට වෙනත් කෙනෙකුට භාවිතයට දිය නොහැකි දේවල් අතරට මේස් ද එකතු වෙනවා. ඒත් මේ ඉවතලන මේස් වලින් ප්‍රයෝජනයක් ගත හැකිනම් ඇත්තටම එය සතුටක් මෙන්ම ඔබේ නිර්මාණශිලිත්වය, පිරිමැස්ම පිළිබඳව පවසන ප්‍රධානම සාධකයක්ද වනු නියතයි.
මේස් වලට හොඳින් ජලය උරා ගන්නවා.ඒ නිසා ඉවතලන මේස් වලින් හොඳින් ජලය පිස දැමිය හැකියි. මේසය පිස දමන්නට හා ගෙබිම පිස දැමීමට අවශ්‍ය swiffer pads සාදාගැනීමට මේස් ඉතාමත්ම සුදුසුයි.
අල්ල ආවරණය වන අත් ආවරණයක් පහසුවෙන්ම පරණ මේස් එකකින් සාදාගන්න පිළිවන්. ගෙවත්තේ වගේම නිවස තුළත් විවිධ කාර්යයන්වල නියැලෙද්දී අපට මේ අත් ආවරණ පළඳන්නට පුළුවන්.
උණුසුම් තේ හෝ කෝපි කෝප්පයක් හෝ වීදුරුවක් අතින් අල්ලන්න අපහසුයි. පිරිසුදු ලස්සන මේස් එකකින් අපට ඉතාමත්ම පහසුවෙන් කෝප්ප ආවරණයක් සාදා ගන්න පුළුවන්.
ඉවතලන මේස් වලින් විවිධ අත්කම් නිර්මාණය කළ හැකියි. විවිධ සතුන් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඒ වගේම කුඩා දරුවන් සෙල්ලම් කරන විට බිම එලීමට කුඩා පැදුරු වැනි බ්ලැන්කට් තැනීමටත් හැකියාව තියෙනවා.
දුරකථන පරිහරණයේදී නිතරම බිමට වැටීමට ඇති ඉඩ කඩ වැඩියි. ඉතින් මේස් භාවිතයෙන් අත් බාහුවේ කුඩා සාක්කුවක් පහසුවෙන්ම නිර්මාණය කර ගන්නට පුළුවන්.
මේස් කිහිපයක් එකතු කර වලං අල්ලන අලංකාර රෙදි කඩක් නිර්මාණය කරගන්න පුළුවන්.
විසිතුරු මේස් වලින් ඉතාමත්ම පහසුවෙන් කොණ්ඩය බැඳගන්න බෑන්ඩ් එකක් තනාගන්න පුළුවන් .
මේ සියල්ලටම අවශ්‍ය පරණ මේස් කිහිපයක් සහ ඔබේ නිර්මාණශිලිත්වය පමණයි.
– චම්මි –
Saru FM Media