කෙට්ටු වෙන්න නානාප්‍රකාර දේවල් අත්හදා බලන ඔබ intermittent fasting ගැන අහලා ඇති නේද? එයින් අදහස් වන්නේ වරින් වර නිරාහාරව සිටීම යන්නයි. ඒ කියන්නේ දවසේ යම්කිසි කාල සීමාවක් ආහාර අරගෙන ඉතුරු කාල සීමාවේ ආහාර නොගෙන සිටීමයි.
මේ ක්‍රමය දැනට ලෝකයේ ජනප්‍රිය බර අඩු කිරීමේ ක්‍රමයක්.ඒ විතරක් නෙවෙයි මේ ක්‍රමය අපේ සිරුරේ පරිවෘත්තීය සෞඛ්‍ය වැඩි දියුණු කරන්න, දීර්ඝායුෂ ලබා ගන්න සහ රෝගවලින් ආරක්ෂා වෙන්න හේතුවක් බව පැවසිය යුතුම වෙනවා.
ඔබ නිරාහාරව ඉන්න කාලය තෝරා ගන්න ඕනෑ. මෙය ක්‍රම කිහිපයකට කරන්න පුලුවන්.
දිනකට පැය දහසයක් නිරාහාරව සිටීමේ ක්‍රමයයි.
මෙය කරන්නට වඩාත් සුදුසු වන්නේ ඔබ හවස හතරට ආහාර ගෙන පැය දහසයක් නිරාහාරව සිටීමෙන් පසු පසුවදා උදේ අටට උදෑසන ආහරය ගැනීමෙන්. පහත වගුවෙන් ඔබට ඒ ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුලුවන්.
ඒ වගේම ආහාර නොගත්තාට ඔබට කෝපි එකක් , තේ එකක් බොන්න පුලුවන්.
සතියට දින දෙකක් තෝරා ගත් පැය විසිහතරක්ම නිරාහාරව ඉන්න. නමුත් සතියේ ඉතිරි දිනවල සාමාන්‍ය පරිදි ආහාර ලබා ගන්න.
මේ ක්‍රමයෙන් සිදු වෙන්නේ ඔබ සතියට දින පහක් සාමාන්‍ය පරිදි ආහාර ලබා ගැනීම සහ තෝරා ගත් දවස් දෙකක් කැලරි 500-600 අතර ආහාර ලබා ගැනීමයි.
සතියේ දින තුනක් ඔබට නිරාහාරව ඉන්නට සිදු වෙනවා. සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටීම හෝ අඩු කැලරි ආහාර ලබා ගැනීම තෝරා ගන්න. ඉතිරි දින හතර සාමාන්‍ය පරිදි ආහාර ගන්න පුලුවන්.
මේ වඩාත් ප්‍රචලිත ක්‍රම ලෙස හඳුන්වන්න පුලුවන්.
කෙට්ටු වීම උන්මාදයක් කරගෙන ඔබට හානිදායක කිසිවකට යොමු වන්න එපා. ඔබේ සිරුර එය ප්‍රතික්ෂේප කරනවා නම් අවදානමක් ගැනීම කිසිසේත් නොකළ යුතු බව තරයේ මතක තබා ගන්න.
Saru FM Media