ඩෙසිකා පරදා වජිරා දැල්පන්දු සභාපති වෙයි

0
10

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේදී ඩෙසිකා විතාරණ චන්ද 16-4 කින් පරදා ජය ගත් වජිරා නෙත්තිකුමාර දැල්පන්දු සභාපතිනිය ලෙස තේරී පත් වූවාය.

හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාවක වන දමයන්ති ජයතිලක ශිරෝමි කුරුප්පු චන්ද 17-7කින් පරදා ලේකම් ලෙස පත් වූ අතර කුමාරිහාමි තෙන්නකෝන් උප සභාපතිනිය ලෙස තේරී පත් වූවාය.

දැල්පන්දු සභාපතිනිය ලෙස තේරී පත් වූ වජිරා නෙත්තිකුමාර කළුතර දිස්ත්‍රික් සංගමය නියෝජනය කළ අතර ඇය කළුතර බාලිකා විදුහලේ හිටපු දක්ෂ ක්‍රීඩිකාවක්ද වේ.

මෙම නිලවරණය අද ( 22) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු  කෙරිණ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here