ආගමික වතාවත් සිදුකර සිරුරු නිවෙස් වෙත
ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරින් අවසානාවන්ත ලෙස දිවි අහිමි වූ තංගල්ල නතර සභාවේ ලේකම් හා කාර්ය මණ්ඩලය ඇතු`ඵ පිරිසගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා 06 දින තංගල්ල නගර සභා ශාලාවේ තැන්පත් කර ලැබීය.
එහිදී මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, අමාත්‍ය චන්දන අබයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති, සඳරුවන් හදරසිංහ, අරවින්ද සෙනවිරත්, දිලිප් වෙආරච්චි ඇතුඵ මහජන නියෝජිතයින් හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සහ මියගිය අයගේ ඥාති හිතමිත්‍රාදීන් ඇතු
ඵ විශාල ජනතාවක් මියගිය අයට අවසන් ගෞරව දැක්වීමට තංගල්ල නගර සභා පරිශ්‍රමයට පැමිණ සිටිහ.


එහිදී මියගිය පිරිස වෙනුවෙන් ආගමික වතාවත් තංගල්ල වජිරගිරිය විහාරාධිපති පූජ්‍ය මිරිස්සේ ධම්මවංශ නාහිමි හා පූජ්‍ය තංගල්ලේ ගෝතම හිමි, දෙමළියේ පඤ්ඤාසාර හිමි ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදු කිරීමෙන් අනතුරුව දේහයන් ඥාතීන්ට භාරදුන් අතර අවසන් කටයුතු සඳහා සිය නිවෙස්වලට රැගෙන ගියහ.
දෙබරවැව – ඒ.ඒ. පේමසිරි
Saru FM Media