විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරමු.

0
11


දිනෙන් දින ඉහළ යන විදුලි බිලත් එක්ක විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම ගැන අපි කවුරුත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ සඳහා අපි අනුගමනය කළ යුතු වන්නේ බොහොම සරල උපක්‍රමයන් පමණයි.ඒ මොනවද කියලා අපි බලමු

මෙය බොහෝ දෙනෙකුට අමතක වන දෙයක්. උදාහරණයක් ලෙස ඔබ කාමරයකින් පිටතට පැමිණෙන විට එහි ක්‍රියාත්මක කර තිබූ විදුලි බල්බ , විදුලි පංකා හෝ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කර පැමිණෙන්න අමතක කරන්න එපා. ඒ වගේම බොහෝ දෙනකුට අමතක වන දෙයක් තමයි විදුලි ස්ත්‍රික්කය. ඇඳුම් ස්ත්‍රික්ක කිරීමෙන් පසු ඒ ක්‍රියා ක්‍රියාවිරහිත කරන්නට අමතක වූ අවස්ථා ඔබගේ මතකයේ ඇති. එවැනි අවස්ථා ඇති නොවන්නට වග බලා ගන්නවා නම් ඔබේ විදුලි බිල තරමක් හෝ අඩු කරගන්න ඔබට හැකිවේවි

සාමාන්‍ය විදුලි බල්බ වලට වැයවන විදුලි ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් LED බල්බ වලට වැය වන නිසා ඔබේ නිවසේ ඇති විදුලි බල්බ මාරු කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම වැඩි ආලෝකයක් අත්‍යවශ්‍ය නොවන ස්ථාන වලට අඩු ආලෝකයක් සහිත බල්බ භාවිතා කරන්නත් ඔබට පුළුවන්

ඔබ දහවල් කාලයේදීත් විදුලි බල්බ භාවිතා කරන කෙනෙක් නම් ඒ පුරුද්දට තිත තියන්නට ඔබට කාලය ඇවිත්. හැකි සෑම අවස්ථාවකදීම ස්වාභාවික ආලෝකය භාවිතා කිරීමෙන් ඔබට අනවශ්‍ය විදුලියක් වැය වීම නතර කර ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දහවල් කාලයේ දී නිවස ඇතුලත අනවශ්‍ය ලෙස විදුලි බල්බ දල්වා තැබීම එතරම් හොඳ දෙයක් නොවේ.

සමහර පැරණි විදුලි උපකරණ , වායු සමීකරණ යන්ත්‍ර , රෙදි සෝදන යන්ත්‍ර සහ විදුලි ස්ත්‍රික්ක වලට විශාල විදුලියක් වැය වනවා. නමුත් නවීන තාක්ෂණ ක්‍රම වලට අනුව නිපදවූ බොහෝ විදුලි උපකරණ වලට එසේ විශාල වශයෙන් විදුලිය වැය වීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා ඔබගේ පැරණි විදුලි උපකරණ ඉවත් කර අලුත් විදුලි උපකරණ වල ද මාරු වීම පිළිබදව ඔබට සලකා බලන්නට පුළුවන්.

ඔබ වරින් වර ශීතකරණය ඇර දේවල් පිටතට ගන්නා කෙනෙක් නම් ඒ පුරුද්දෙන් වැළකීමට ඔබට සිදු වනවා.විශේෂයෙන්ම ඔබ කෑම පිසින අවස්ථාවේදී ඔබට අවශ්‍ය වන සියළුම දේවල් එකවර පිටතට ගෙන ශීතකරණය වරින් වර විවෘත කිරීමෙන් වළකින්නට හැකි නම් ඔබට විශාල ලෙස විදුලිය ඉතිරි කරගන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් විදුලි ස්ත්‍රික්කයක් රත් වීමට තරමක විදුලියක් වැය වෙනවා. ඔබ දෛනිකව විදුලි ස්ත්‍රික්ක භාවිතා කරනවා නම් වැයවන විදුලි ප්‍රමාණය ඉතාම අධිකයි.ඒ නිසා ඔබට දින කිහිපයක ඇඳුම් එකවර ස්ත්‍රික්ක කර සූදානම් කර ගත හැකි නම් ඔබට ඔබේ මුදල් වගේම කාලයත් ඉතිරි කර ගන්නට පුළුවන්.

මෙවැනි සරල උපක්‍රම අනුගමනය කර විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම මඟින් අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි වීම වළක්වා ගන්න ඔබටත් පුළුවන්. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here