ජීවිතේ දිනන්න SMART ඉලක්ක සහ plan හදාගන්නේ මෙහෙමයි…

0
17


අපි ජීවිතේ එක එක දේවල් වලට ප්ලෑන් හදනවනෙ. උත්සවයක් තියෙනවනම්, විබාගයක් තියෙනවනම් අපි ප්ලෑන් එකක් හදාගෙන ඒ අනුවනෙ කටයුතු කරන්නෙ. ජීවිතේ දිනන්නත් ඒ වගේම අපිට ප්ලෑන් එකක් තියෙන්නම ඕන. ඉතින් අපි හිතුව අද ඔයාලා එක්ක කතා කරන්න ජීවිතේ දිනන්න අපිට මේ වගේ හදාගන්න පුලුවන් ප්ලෑන් මොනවද සහ ඒ ප්ලෑන් එකක් ඔස්සේ අපි ජීවිතේ දිනන්නෙ කොහොමද කියල.

ජීවිතය දිනන්න ස්මාර්ට් සැලැස්මක් නිර්මානය කිරීම පියවර කිහිපයක එකතුවක් විදියට හඳුන්වා දෙන්න පුලුවන්. ඕනම දෙයක් ජයගන්න අපි ඒ මාර්ගයේ පඩියෙන් පඩිය පිලිවෙලට නගින්න ඕන.

මොකද ජයග්‍රහනය කියන මාවතේ හැම පියවරක්ම අපිට ජීවිතය ගැන, ජයග්‍රහනය, කැපවීම සහ අධිශ්ටානය ගැන ශක්තිමත් කතාවක් කියල දෙනව. එක පඩියක් හරි මිස් කරගන්න එකෙන් වෙන්නෙ ඒ පියවරේදි අපි ඉගෙන ගන්න ඕන දේවල් ගැන, අපිට ලැබෙන්න ඕන අත්දැකීම් අපිට මිස් වෙනව කියන එක.

දිනන්න යන ගමනක් එක දිගටම වෙන්නෙ නෑනෙ. ඒ ගමන අතරමග අපි පරදින තැන් තියෙන්න පුලුවන්. නමුත් යන මාවත ගැන හරි සිතියමක් ඔයාලට තියෙනවනම් පැරදුන තැන ඉඳල ආයෙම ඉදිරියට යන එක ඉතාම පහසුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here