මුදල් සඳහා තම ආත්මය පාවා දුන් තරුණියකගේ සත්‍ය කතාව…

0
12


සරණිගේ ජීවිතේ එකපාරටම හෙල්ලිලා ගියා. මාතර අකුරැස්ස ගමෙන් කොළඹ ඇවිල්ලා, උජාරුවෙන් ගමට ආව ගිය සරණි ගොලුබෙලි කටුවක හැංගුණා වගේ හැංගුණා.

සරණි කොළඹ ආවේ සහකාර ගණකාධිකාරි තනතුරක් එක්ක. ඇවිල්ලා නැවතුණේ සරණිගෙම ගමේ යාලුවෙක් ගේ නවාතැනේ. ඒ කල්පනා. කල්පනා සැලෝන් එකක සේවයට ඇවිල්ලා අවුරුදු දෙකක්.

” ඒ සැලෝන් එකට එන්න ලැබුනේ මගේ වාසනාවට බං…”

සරණිට කල්පනා එහෙම කිව්වම තමන්ගේ රැකියාව ගැන සරණි ට දැනුනේ මදි පුංචි කමක්. සරණි හිටියේ පුහුණු කාලසීමාවේ නිසා සරණිට ලැබුනේ හතලිස් දාහක වැටුපක්. නවාතැනට දහදාහක් දීලා, කෑම බීම වලට, යන එන වියදම් වලට සල්ලි වෙන් කරාම ඇඳුමක් පැළඳුමක් ගන්න, ගෙදරට කීයක් හරි යවන්න සරණිට මුදලක් ඉතිරි උනේ නැහැ.

ඒ උනාට කල්පනාගේ තත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස් කියලා සරණිට මුල ඉඳන්ම වැටහුණා. කල්පනා ලස්සනට ඇන්දා. හැම මාසේම ඇඳුම්, සපත්තු, ආභරණ මිලයට ගත්තා. ගෙදරට රුපියල් වීසිදාහක් විතර තැන්පත් කරනවා දැක්කා. සුපිරි හෝටල් වලින් කෑවා බිවා. ඒ විතරක් නෙවෙයි, සරණි බස් වල එල්ලිලා යන එනකොට කල්පනා කුලී ත්‍රී රෝද රථ වල ආවා ගියා.

මුල් මාස දෙක තුනේ සරණි මේ තත්වය දරාගෙන හිටියා. ඒත් කල් යනකොට සරණිට ඒ තත්වය දරාගෙන ඉන්න බැරුව ගියා.

” කල්පනා මට මේ ජොබ් එකෙන් දියුණුවක් නෑනේ.. දැන් බලන්න, මං ඔයාටම කොච්චර ණයද . ? අම්මලට කීයක්වත් යවන්න විදියක් නෑ.. උපාධියක් තිබුණට මට කිසිම දියුණුවක් නෑ හිතෙනවා…”

සරණි ඇස් වල කඳූලු ආයාසයෙන් නවත්තගෙන එහෙම කිව්වා.

” පිස්සු කතන්දර කියන්න එපා සරණි.. ඔයා ඩිග්‍රී එක කරන්න කොච්චර මහන්සි වුනාද ? අනෙක දැනට ඔහොම වුනාට කල් යනකොට පඩි හැදේවි… ඒ අතරේ ඔයා වෙන ජොබ් එකකුත් හොයමු …”

කල්පනා සරණිට බලාපොරොත්තු හදන්න උත්සාහ කලා.

” මෙතැන වැඩ කරන ගමන් වෙන ජොබ් වලට දැම්මා මම.. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ … අනෙක මෙතැන අවුරුදු දෙකක් යනකල් පඩි හැදෙන්නේ නෑලු …”

සරණි එහෙම කිව්වම කල්පනා නිහඬවම විසඳුමක් ගැන හිතුවා.

දවස් දෙක තුනක් ගියාට පස්සේ කල්පනා සරණිට කතා කරන්න තීරණය කලා.

“සරණි … “

” ඕ…”

“මං මේ කියන දේ හොඳට අහගන්න … ඔයා මේක ගැන වැඩි ව්ස්තර දැනගන්න කැමති නම් විතරක් අපි මේ ගැන කතා කරමු .. මම මේ කියන දේ ගැන ඔයාට අදහසක් නැත්නම්, අපි මෙහෙම කතාවක් කලේ නෑ කියලා හිතමු …”

සරණි පුදුමෙන් වගේ කල්පනා දිහා බලාගෙන හිටියා.

” මට සැලූන් එකෙන් මන්ත්ලි ලැබෙන්නේ පනස්දාහයි සරණි …”

කල්පනා එහෙම කිව්වා. සරණිගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

” අපේ සැලෝන් එකේ මැඩම්ට තියෙනවා තව ආයතන කිහිපයක්..අපි පාර්ට් ටයිම් ඒකේත් වැඩ කරනවා …”

” මට තේරුනේ නෑ…”

” මම ස්පා එකක වැඩ කරනවා … ඒක ලීගලි එහෙම ස්පා කියලා දාලා කරනතැනක් නෙවෙයි .. සැලෝන් එකක් විදියටමයි තියෙන්නේ.. මට එතැනින් දවසට දහ පාලොස්දාහක් සෙට් වෙනවා… “

” දෙයියනේ…”

සරණි කල්පනා දිහා බලාගෙන හිටියා.

” මම මගේ ආරක්ශාව ගැන උපරිමෙන්ම සැලකිලිමත් සරණි.. ඔයා කැමති නම් මම මේ හැමදේම ඔයාට කියලා දෙන්නම්.. අකමැති නම් මේ කතාව මම ඔයාට කිව්වේනෑ..”

එදාට පස්සේ සරණි දවස් දෙක තුනක් යනකල් කල්පනා එක්ක කතා කලේ නැ. හැබැයි සරණි නොනවත්වාම කල්පනා කලා.

” කල්පනා … මටත් එතැන වැඩ කරන්න ඕනි…”

කල්පනා මැඩම්ට සරණිව හඳුන්වලා දුන්නා. මැඩම් සරණිව ආදරෙන් පිළිගත්තා. ඒ සති අන්තේ ඉඳන් සරණි කල්පනා එක්ක අලුත් ආයතනයේ වැඩට බැඳුණා.

මුල් දවස් දෙක තුන සරණිට අපහසු වුනේ නැහැ. ඒ ලැබුණේ පැය භාගයක පමණ සම්බාහනය කිරීම් නිසා. ඒත් පහු වෙනකොට කල්පනා කියලා දුන්න හැමදේම වගේ භාවිතා කරන්න සිදු වුණා.

මේ හැමදේම ගැන සරණිට කලකිරීමක් නොතිබුනා නෙවෙයි. ඒත් මාසේ අන්තිමේදි ලැබුණ මුදල එක්ක සරණි හිත හදාගත්තා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here