නොරොච්චෝලේ Real Time Data අනුව 9 වැනි ගල් අගුරු නැවත් බාලයි – විපක්ෂ නායක

0
3

කොළඹ LNW:මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ ගල් අගුරු නැව් 8ම බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති මොහොතක 9 වැනි ගල් අගුරු නැවත් බාල ගල් අගුරු සහිත නැවක් බවට දත්ත කේන්ද්‍රීයව වාර්තා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) හෝමාගම ශ්‍රී කල්‍යාණධර්ම අභිනවාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් එක්කරමිනි.

බලගාරයේ දහන වාර්තා සහ විදුලි ඒකකයක් නිපදවීම සඳහා කිලෝවොට් පැයකට අවශ්‍ය ගල් අගුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණයත් නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 නිපදවන වාර්තා අනුව මෙගාවොට් 300 පළමු සහ තෙවැනි ඒකකයේ වාර්තා අනුව දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැවත් බාල බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පළමු ඒකකයේ මෙගාවොට් 250ත් තුන්වැනි ඒකකයේ මෙගාවොට් 275ක් නිපදවා ඇති බවත් මෙය මෙගාවොට් 300 විය යුතු බවත් දෙවැනි ඒකකයේ නිවැරදිව මෙගාවොට් 300 නිපදවා ඇති බවත් එයට හේතුව ඒ ගල් අගුරු රුසියාවෙන් ගෙන්වූ උසස් තත්ත්වයෙන් යුත් ගල් අගුරු නිසා බවත් හෙතෙම සඳහන් කරන ලදී.

මේ රජය නැව් 25-27 අතර ප්‍රමාණයක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති නමුත් මේ ගල් අගුරු තත්ත්වයෙන් බාල බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු වී ඇති බවත් මේ තත්කාලීන වාර්තා අනුව ගල් අගුරු තුළින් බරපතල දුෂණයක් කර ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

මහා සංඝරත්නයට වනචාරීන් ලෙස අපහාස කරන මේ රජය වනචාරීන්ටත් එහා ගොස් ගල් අගුරුවලින් සිදු කරන දූෂණය සහ වංචාව තුළ සිදු වන්නේ බරපතල හානියක් බවත් ඔහු තවදුරටත් කියාසිටියේය.

The post නොරොච්චෝලේ Real Time Data අනුව 9 වැනි ගල් අගුරු නැවත් බාලයි – විපක්ෂ නායක appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here