BDSM කාම උමතුව ඇති පෙම්වතිය නිසා අබිරහස් ලෙස මිය ගිය පෙම්වතුන්

0
14


දාම ඝාතකයන් ගැන කතා ලෝකයෙන් හරියට ආරංචි වෙනවා. ඉතින් මේ කතාව 2006 පෙබරවාරි මාසයේදී නිව් හැම්ප්ෂයර් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණ වලදී, එක්තරා ගොවිපලක පදිංචිව සිටි ෂෙයිලා ලබාර් නම් කාන්තාවක් විසින් සිදු කරන ඝාතනයන් රැසක් ගැන කියවෙන දාම ඝාතක කතාවක්.

පැමිණිල්ල

2006 පෙබරවාරි මාසෙ නිව් හැම්ප්ෂයර් පොලිසියට කැරොලයින් ලොජ් කියල කාන්තාවකගෙන් පැමිණිල්ලක් එනවා. කෝල් එක එන්නෙ සාජන්ට් ෂෝන් ගැලගර්ට 2006 පෙබරවාරි 24 වැනි දින එපිං පීඩී වලදි. මේ ඇමතුම හරි කලබලකාරී බව සාජන්ට් ෂෝන්ට කතා කරන කෙනාගෙ කටහඬෙන්ම තේරුම් යනවා.

මේ පැමිණිල්ලෙදි කියන්නෙ තමන්ගෙ පුතා වන කෙනත් කවුන්ටි දවස් කීපෙක ඉඳල අතුරුදහන් කියල. කෝල් එක දෙන්නෙ කෙනත් ගෙ අම්මා.

පොලිස් පරීක්ෂකවරයා මේ ගැන විමර්ශනය කරගෙන යද්දි එයාට දැනගන්න ලැබෙනවා මේ කෙනත්ට සම්බන්ධයක් තිබිල තියෙනව කියල එයාට වඩා වැඩිමල් කාන්තාවක් වන ෂීලා ලබාර් එක්ක.

මේ අම්මා කියනවා තමන්ගෙ පුතාට පොඩි මානසික ඌනතාවයකුත් තිබුනා හැබැයි තමන් බලාපොරොත්තු වෙනවා කියල පොලිසිය තමන්ගෙ දරුවව හොයාගන්න සහ එයා හොඳින් ඉන්නව කියල හොයාගන්න.

සාජන්ට් ෂෝන් කියන්නෙ ෂීලාව නොදන්න කෙනෙක් නෙවෙයි. මීට කලින් පෙම්වතුන් එක්ක දබර දාගෙන පොලිසියට අවස්තා කීපයකදිම ආව ෂීලව සාජන්ට් ෂෝන්ට හොඳට මතක තිබුණා.

කෙනත්ව හොයන් ගිය ගමන

කෙනත් කියන්නෙ ජාතික අපරාධ තොරතුරු මධ්‍යස්තානයේ දත්ත ගබඩාවෙ ලැයිස්තුගතවෙලා ඉන්න කෙනෙක් කියල තහවුරු කරගත්තයින් පස්සෙ සාජන්ට් ෂෝන් රහස් පරීක්ෂක රිචඩ් කෝට් එක්ක යනවා රෙඩ් ඕක් හිල් පාරේ ෂීලගෙ ගෙදරට.ෂීලගෙ ගෙදර පිහිටල තිබුනෙ වල් වැදිච්ච, කුණු පිරිච්ච පාරක් අස්සෙ. මේ ගෙදරට ඇතුලු වෙන එක ඔක්කොටම වඩා අමාරු උනේ කටු කම්බි, ගේට්ටුවක් සහ වැටකින් ගෙදර අවහිර කරල තිබුන හන්දා. ඒ වගේම ගෙදර වත්තෙ ගහක “අනවසරයෙන් ඇතුලු වීම තහනම් – ඔබව වීඩියෝ කරනවා” කියලත් ලියලා තිබුනා. ඒ උනාට ඉතින් පොලිස් නිළධාරින් දෙන්න ආවෙ රාජකාරි වැඩකට නිසා ඒ සටහන නම් එච්චර ගණන් අරගෙන නෑ.

දොරට තට්ටු කරාට දොර ඇරියෙ ෂීල නෙවෙයි. ඒ වෙනුවට ෂීල කරේ ජනේලෙන් ඔලුව දාලා පොලිස් නිලධාරින් එක්ක කතා කරපු එක.

“කෙනත් ඉන්නවද?” ෂෝන් අහනවා.

“නෑ” ෂීලා උත්තර දෙනවා.

ඒ වුනාට කෙනත් අන්තිමටම ආවෙ ඔයා එක්ක කිව්වයින් පස්සෙ ෂීලට සිද්ද වෙනව කෙනත් ගෙදර ඉන්න බව පිළිගන්න. පොලිසිය කියනවා කෙනත් පරිස්සමෙන් ඉන්නවද කියල බලන්න ඕන ඒ නිසා දොර අරින්න කියලා.

“අපිට කෙනත්ව බලන්න පුළුවන්ද?” කියල ෂෝන් ඇහුවට ෂීලා ඒකට නම් කැමති වෙන්නෙ නෑ.එයා කියනවා “කෙනත් ඇඳුම් නැතුව නාන ගමන් ඉන්නෙ, ඒ නිසා කීයටවත් එයා ඔයාලව දකින්න නම් කැමති වෙන එකක් නෑ”කියලා.

මේ කතාව පොඩ්ඩක් සැකසහිත බව තේරුණ හන්දම සාජන්ට් ෂෝන් එතනින් හෙල්ලෙන්නෙ නෑ.පොලිසිය යන්නෙ නෑ කියල තේරුණයින් පස්සෙ ෂීලා ගිහිල්ල කෙනත්ව එක්කරගෙන එනවා. නාන ගමන් ඉන්නෙ කිව්වට කෙනත් හිටියෙ නිල් ඩෙනිම් එකක් ඇඳන්.

“නනා ඉඳල එද්දි ඇඳන් එන්න ඇති” කියල හිතල කෙනත් හොඳින් ඉන්නව කියල දැක්ක නිසා පොලිසිය ෂීලගෙ ගෙදරින් පිටවෙලා යනවා.

Walmart හි අබිරහස් සිදුවීම

මේ සිදුවීමෙන් සතියකට දෙකකට පස්සෙ දවසක් සාජන්ට් ෂෝන්ට ආයෙම ඇමතුමක් එනවා Walmart එකේ සැක කටයුතු සිදුවීමක් වෙනවා කියල. රාජකාරිය දේවකාරිය කරගත්ත නිළධාරින් දෙදෙනා හනි හනික එහෙට යන්න පිටත්වෙනවා. Walmart එක ඇතුලෙදි මෙයාලා දකින්නෙ කෙනත් කවුන්ටි ව. හැබැයි මේ සති දෙකකට කලින් දකිද්දි උන්නු කෙනත් නෙවෙයි. රෝද පුටුවක වාඩිවෙලා ඉන්න, අත තුවාල වෙලා ඉදිමවාගෙන උන්නු, කලු තොප්පියකින් මූණ වහන් උන්න කෙනත් කෙනෙක්.

ඒ වගේම එයා එක්ක ෂීලත් ඉන්නව. ෂීල Walmart එකෙන් අරගෙන තිබුන දේවල් අතරෙ ගැලුම් පහේ ඩීසල් කෑන් දෙකක්ම තියෙනවා. ෂෝන් සහ රිචඩ් කෙනත්ට කතා කරන්න කලින් එතනට එන ෂීලා කෙනත්ගෙ මේ හැසිරීම ගැන කියන්නෙ හිනා වෙවී.

“මෙයාට මේ පොඩි අනතුරක් උනා. මේ විහිලුවට තමයි රෝද පුටුවෙ වාඩිවෙලා ඉන්නෙ” කියල කියනවා.

හැබැයි සාජන්ට් ෂෝන් කෙනත්ට කතා කරන්න උත්සහ කරද්දි ෂීල කෑගහල හයියෙන් කියනව කෙනත්ට “ඕන නෑ පොලිසියෙ අය එක්ක කතාකරන්න” කියල. ෂීලගෙ මේ හැසිරීම පොලිසියට අමුතු දෙයක් නෙවෙයි. මීට කලිනුත් මෙයා මෙහෙම සාප්පු වල කෑගහල, සීන් දාලා පොලිසියට ආව කෙනෙක්.

පොලිසිය එක්ක සද්ද දාගත්ත ෂීලා කෙනත්වත් අරගෙන එයාලගේ වාහනේ පැත්තට යද්දි පොලිස් නිළධාරින් දෙන්නත් එයාලව ෆලෝ කරගෙන යනවා.ෂීල තමයි කෙනත්ට උදව් වෙන්නෙ වාහනේට නගින්න.පොලිසියෙ දෙන්න මුකුත් නොකර බලන් ඉන්නව. එයාලා හිතනව “කෙනත් කියන්නෙ තරුණ කොල්ලෙක්, උදව්වක් ඕන නම් එයාට පුලුවන්නෙ අපිට කියන්න” කියලා.

කෙනත් ගැන නරක ආරංචියක්?

මේ සිදුවීම් වෙලා මාසෙකට විතර පස්සෙ සාජන්ට් ෂෝන්ට ආයෙමත් කෝල් එකක් එනව. වෙන කාගෙන්වත් නෙවෙයි කෙනත් ගෙ අම්මාගෙන්. “කෙනත් තනියම පිටවෙලා ගිය බවත්, එයාව දවස් ගානකින් නොදැක්ක බවත්, කෙනත්ට තමන්ව බලාගන්න පුලුවන් කමක් නැති බවත්” මේ අම්මා පොලිසියට කියල පොලිසියෙ උදව්ව ආයෙ ඉල්ලනවා.

ෂෝන් ෂීලට කතාකරනව කෙනත් ගැන අහන්න. ඒත් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. දවස් දෙකකට පස්සෙ ෂීල කතා කරලා කියනවා “කෙනත් දැන් ඉන්නෙ මං එක්ක නෙවෙයි” කියලා.

හැබැයි මේ පණිවිඩය අස්සෙම ෂෝන්ට මොක් හරි සැක සහිත දෙයක් ඇහෙන්න ගන්නවා. ඒක රෙකෝඩින් එකක්. රෙකෝඩින් එක පටන් ගන්නෙ “නිම් හැම්ප්ෂයර්හි සාමය සහ යුක්තිය” කියල.. ඉන්පස්සෙ ෂෝන්ට ඇහෙනව ෂීලගෙ කටහඬ, එයා කාගෙන්හරි අහනවා දරුවන්ව දූෂනය කරල තියෙනවද? කියන ප්‍රශ්නෙ.

අමුතු සද්ද ගොඩක් මැද්දෙ සාජන්ට් ෂෝන්ට ඇහෙනව කාගෙහරි දුර්වල කටහඬකින් “ඔව්” කියනවා.

ඒ වෙන කවුරුවත් නෙවෙයි කෙනත් බව සාජන්ට් ෂෝන් අඳුනගන්නවා.

ෂීලා කෙනත්ගෙ පවුලෙ අයගෙ නම් කිය කිය එයාලව දූෂනය කරාද කියල අහනවා. එතන ඉන්නවා කසින්ස්ලා, ලේලියො, පොඩි දරුවො ගොඩක් අය. කෙනත් පිළිගන්නව තමන් එයාලව දූෂනය කරා, අතවර කරා කියලා. ඊටපස්සෙ ඇහෙන්නෙ සතෙක් කෑගහනව වගේ සද්දයක්.

ඊට පස්සෙ දීර්ඝ නිහඬතාවයක් තමයි මේ රෙකෝඩින් එකෙන් ඇහෙන්නෙ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here