කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය අද (23) දිනයේ සිට යළිත් ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු බලපෑම හමුවේ එම දුම්රිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව අද සිට මීනගයා දුම්රිය දෛනිකව කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනයට යළි එක් කර ඇති අතර එම දුම්රිය අද රාත්රී 7.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.
වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක් හා දෙවන පන්තියේ නිදන ආසන සහිත මැදිරි දෙකකින් සමන්විත මීනගයා නගරාන්තර ශීඝ්රගාමී දුම්රියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
ඒ අනුව දුම්රිය ධාවනය වන කාලසටහන පහතින්,
මීනගයා නගාරන්තර දුම්රිය ධාවනය ආරම්භ කිරීම 23_02_2026 by poornima
Saru News
















