රියදුරු ඝාතනය කර රිය පැහැරගත් 16 හැවිරිදි සැකකරු අල්ලයි

0
4

පුත්තලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 16 ක් වූ රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (22) උදෑසන පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පුත්තලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මිය ගිය පුද්ගලයා තම ත්‍රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමග කුලී ගමනක් යමින් සිටියදී ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයා විසින් ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

පොලිසිය සඳහන් කළේ, සැකකරු මෙම ඝාතනය සිදු කර ත්‍රිරෝද රථය හා මුදල් රැගෙන පළා ගොස් ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව ය.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 72 ක් වූ රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු ත්‍රීරෝද රථය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here