ඌන සේවා උපාධිධාරීන් සහ පුරාවිද්‍යා උපාධිධාරීන් ගුරු සේවයට බඳවගන්න – සජිත් ප්‍රේමදාස 

0
3

ඌන සේවා උපාධිධාරීන්ට සහ පුරාවිද්‍යා උපාධිධාරීන් ගුරු සේවයට පැමිණිමට අවස්ථාව ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළේ, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා එක්වෙමිනි. 

ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේදී උපාධියේ වලංගු දිනය 2025.06.30 ලෙස සඳහන්ව තිබුණි. 

විවෘත සේවය සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවන පිරිස් මෙම දිනය සංශෝධනය කරගැනීම සඳහන් තමන්ගෙන් ඉල්ලා සිටි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ් අනුව තමන් මේ සම්බන්ධයෙන් රජය ද දැනුවත් කිරීමෙන් අනතුරුව  ඒ පිළිබඳව අවධානය යොමු කර වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කිරීම යහපත් දෙයක් බවට ඔහු කීය.

එමෙන්ම  සීමිත පදනම යටතේ ගුරු සේවයට බඳවා ගැනීම 2023.02.10 ලෙස වලංගු දිනය සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර මෙම දිනය ද දීර්ඝ කර දෙන ලෙසට විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ඌන සේවා උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවය කරන බවත් අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස රාජ්‍ය සේවයට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි දක්වා සිය අධ්‍යාපනය වර්ධනය කර ගෙන ඇති බැවින් මොවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර මොවුන්ට ද ගුරු සේවයට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here