ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් සටහනක්

0
3

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් කිසිඳු සැලසුමකට අනුව ක්‍රියා කළත්, පිතිකරුවන් එලෙස ක්‍රියා නොකළ බවය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ඊයේ (22) පැවති එංගලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 51කින් පරාජය වීම සම්බන්ධයෙන්, ඔහු තම ‘X’ ගිණුමේ සටහනක් තබමින් මෙම අදහස් පළ කර තිබේ.

ඔහු පෙන්වා දක්වන ලද්දේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය ඉතා දුර්වල බවත්, කමිල් මිෂාරගේ ක්‍රීඩා විලාසයද තරග මට්ටමට ගැලපෙන ලෙස උසස් නොවීමත් බවය.

ක්‍රීඩාංගණයේ තණතිල්ලේ ස්වභාවය සහ තරගයේ පවතින තත්ත්වය නිවැරදිව පිතිකරුවන් වටහාගත නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවට මෙම පරාජයට මුහුණ දුන් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here