ශ්‍රී ලංකාවට ලකුණු 192ක ඉලක්කයක්

0
7

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අද (07) පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

මෙය ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර ඔවුන් රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කර තිබීමයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රාහණය සඳහා ලකුණු 192ක ඉලක්කයක් හිමිවිය.

හරාරා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51ක් රැස් කළ අතර නායක Sikandar Raza ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.

Sean Williams ලකුණු 23ක් ලබා සිටියදී දැවී ගිය අතර Brian Bennett ලකුණු 13කට දැවී ගියේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තේය.

මෙතෙක් පැවති තරග දෙක එක් තරගය බැගින් කණ්ඩායම් දෙක ජයගෙන ඇති බැවින් මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට හැකිවේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදුව තිබේ.

ඒ අනුව කුසල් ජනිත් හා මතීෂ පතිරණ කැඳවා ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු හා මහීෂ් තීක්ෂණ ඒ හේතුවෙන් විවේක ගන්වා ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here