පාකිස්තානයට ලකුණු 185ක ඉලක්කයක්

0
2

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරගාවලියේ මෙතෙක් අපරාජිත පාකිස්තාන කණ්ඩායමට ලකුණු 185ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. 

ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ කමිල් මිශාර පන්දු 48කදී ප්‍රහාරාත්මක ලකුණු 76ක් රැස්කළේය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 23කින් ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායමේද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු රඳවාගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය තීරණාත්මක වේ. 

ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here