නිශ්මං රණසිංහ පෙබරවාරි 22, කොළඹ LNW:
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක භූමිකාවේ හිමිකරුවෝය.එකම දවසක ඒ දෙදෙනාටම අමිහිරි පරාජයන්වල වේදනාව විඳින්නට සිදු වූ සුපිරි අට වටයේ ආරම්භය ලෝක කුසලානය ආසියානු උප මහද්වීපයේ රඳවා ගැනීම ගැන සැකයක් ඇති කරන්නේය.
ශ්‍රී ලංකාව ලකුණු 51 න් එංගලන්තයට ද ඉන්දියාව ලකුණු 76 න් දකුණු අප්‍රිකාවට ද පරාජය විය.
මේ පරාජය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඔවුන් පිට පිටම ලද දෙවන පරාජය වීම නිසාය.සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වීමෙන් අත්වන විශේෂ අවමානයක් නැත.ඔවුන් එම කාණ්ඩායේ සිටි සියල්ලම පරාජය කළ කණ්ඩායමය.එහෙත් එංගලන්තයට පරාජය වීම අවමානයට හේතුවක්ය.ඒ ඉතාම කෙටි කාලයක් තුළ ලද සිව්වන පරාජය වන අතර එංගලන්තය මේ ජයග්රහණයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් කෙතරම් පොඩි ලකුණු ප්‍රමාණයක් ලැබුවත් ශ්‍රී ලංකාවේ පිතිකරුවන් ඊට මෙහායින් නැවත්වීමේ හැකියාව ඇති බවය.
මේ සම්බන්ධයෙන් අසාම් අමීන් හා පැවති සාකච්ඡාවකදී රසල් ආන්ල්ඩ් කරනු ලබන හැඳින්වීම වැදගත්ය.ඒ පිටියේ ලකුණු 165 ක් පමණ ලබා ගත්තානම් එය හඹායාමට දුෂ්කරය.එහෙත් රසල් පවසන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එම ප්‍රමාණය ලකුණු 20 න් විතර අඩු කර ගැනීමට හැකි වූ බවය.ඔහු පිතිකරණය මත සියළු වරද තබමින් පවසන්නේ ඔවුන් සියල්ලම පාහේ දැවි ගියේ දැවී යාමට තරම් භයානක පන්දුවලට නොවන බවය.
රසල්ගේ මේ කියමන තුළින් ගම්‍යවන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිතකමය.
‘ඕවර් 10 දි ගහලා ඉවර කරන්න වගේ ගැහැව්වෙ‘
රසල් මේ කියන කතාව වගකීම් විරහිත සහ වෘත්තිමය නොවන ක්‍රීඩා රටාවක් සම්බන්ධයෙන් එල්ල කරන චෝදනාවක්ය.මේ තරගාවලියේ නිරන්තරයෙන් ලකුණු අතර සිටින්නන් වන්නේ පැතුම් නිශ්ශංක,කුසල් මෙණ්ඩිස් සහ පවන් රත්නායකය.රසල් බොහෝ විට ක්‍රීඩාව හරියට කියවා ගන්නා සහ හරියට විවේචනයේ බර හරි තැනින් තබන ක්‍රිකට් විචාරකයෙකි.ඔහු පවසන්නේ පැතුම් සහ කුසල් ඉක්මණින් දැවී ගොස් සිටියදි,මේ වන විට ලකුණු අතර සිටින පවන්ට,තමන්ගේ ආධුනික බව වෙනුවට පරිණත බව පෙන්වීමට තිබුණු හොඳම ඉඩ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අහිමි කර ගත් බවය.පවන් රත්නායක වැනි ක්‍රීඩකයෙක් මත පරාජයේ බර තැබීම රසල්ගේ මෙන්ම අපේ ද අරමුණ නොවන අතර ඔහුගේ හරි බර පෙන්විමට තිබුණු ඉඩක් ඔහු විසින් වසා ගැනීම ගැන ඇති කණගාටුව එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේය.
රසල්ගේ විචාරයෙන් මිදුණු විට දඟ පන්දු යැවිමේ තණතිිලි යනු ශ්‍රී ලංකාව එංගලන්තය වෙනුවෙන් සකස් කර දෙන ඒවා වැනිය.මේ පල්ලෙකැලේ සිව්වන පරාජය තෙක්ම එංගලන්ත දඟ පන්දු යවන්නන් පෙන් වූ දසුන්වල ස්වභාවයය.එංගලන්ත පිතිකරුවන් අතරින් ද සාර්ථක වුණේ පිල් සෝල්ට් පමණි.ඔහු ලකුණු 62 ක් ලැබූ අතර විල් ජැක්ස් ලකුණු 21 ක් ලැබීය.
විල් ජැක්ස් හොඳින්ම ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුව පහර එල්ල කිරීමේදී නිවැරදිව කියවා ගන්නේ නැති බව කියවා ගත් එංගලන්ත පන්දු යවන්නා ද වන්නේය.මේ තරගයේදීත් පිතිකරුවන් වෙත සාමාන්‍ය වේගයෙන් සිය දකුණත් පිට දඟ පන්දුව යොමු කරමින් ඔහු කරේ ශ්‍රී ලංකා පිතිකරුවන් වරදට පොළඹවා ගැනීමය.ඔහු තරගයේ වීරයා වන්නේ පන්දු ඕවර් 4 ලකුණු 22 ට නිමා කරමින් කඩුලු 3 ක් දවා ගනිමින්ය.
පිල් සෝල්ට් ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ හයවන ක්‍රීඩකයා ලෙස දැවී යන තෙක් ඉණිම අල්ලාගෙන ක්‍රීඩා කළේය.සෝල්ට් සහ බෘක් ලකුණු ලබා ගැනීමේදී එය තනිකරම කඩුලු අතර දිවිමේ සංදර්ශණයක් විය.ඔවුන් විචාරකයින්ද විශ්මයට පත් කරමින් එකේ ලකුණු දෙකේ එවා බවට පත් කර ගත්තේ වේගයෙන් දිවිම හරහා ය.ශ්‍රී ලංකා පිතිකරුවන් ඒ අඩුව ඉහළින්ම පෙන්වන කණ්ඩායමකි.සමස්ත ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් විස්සයි විස්ස වැනි ආකෘතියක කරන්නේම වේගවත් පහරවල් සොයමින් අතරමං වීමය.ඔවුන් වේගයෙන් කඩුලු අතර දිවීම ප්‍රගුණ කරන්නේනම් නිලකුණු පන්දු ප්‍රමාණයද බෙහෙවින් අඩු වන්නේය.සනත් ජයසූරිය වැනි වේගයෙන්ම කඩුලු අතර දිවීමට ප්‍රකට අයෙකුට මේ අඩුව තවමත් නොපෙනෙන්නේ මන්ද යන්න ගැටළුවකි.
එසේම නැවතත් පරාජය වැනි අත්දැකිමකින පසුව නැවත නැවත එයට ගොදුරුවිමේ මානසික අස්ථාවරත්වය ද ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් විද්‍යාමාන වන්නේය.එකම වරදේ නැවත නැවත ඇලෙන සුළු ගතිය එකම ආකාරයට පරාජය වීමේ ලක්ෂණයක් බවට වැඩෙන හැටි අපි දැක ඇත්තෙමු.ඊළඟ තරගයට පෙරාතුව මේ සිරුරුවලට නොවන මනසට දැනෙන සම්භාහනයක් අවශ්‍යය වන්නේය.මුල සිටම මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට දිනිය හැකි බව විශ්වාසයෙන් සටහන් කළ අපි තවමත් කියන්නේ ශ්‍රී ලංකාව යනු නිදා සිටින යක්ෂයෙකු බවය.මේ නිද්රාෙවන් ජයග්‍රාහී මානසිකත්වයට සේන්දු කිරීම සඳහා කළ හැක්කේ කුමක්ද යන්න කල්පනා කළ යුතුව ඇත.
අපි තවමත් විශ්වාසයෙන් යුතුව බලා සිටින්නෙමු.තව දුරටත් අප පෙබරවාරි 9 දා කියූ පරිදිම කියන්නේ මේ තරගාවලියේ සිටින නිදාගත් යක්ෂයන් ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් බවය.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය. https://bit.ly/4auzvxg

The post ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි එක හැන්දෙන් බෙදා ගැනීම appeared first on LNW Sinhala.
Saru News















