මැලේසියාවට ප්‍රබල භූකම්පනයක්

0
3

මැලේසියාවේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුතුව භූ කම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබේ.

භූකම්පනය බෝර්නියෝ දූපතේ සබා ප්‍රාන්තයේ හටගෙන ඇති අතර භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානි වීමක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් මෙය සුනාමි තර්ජනයක් දක්වා වර්ධනය වී නොමැති බවත් වාර්තා වේ. 

මේ අතර තායිලන්තයේද භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා පළ වුවද පසුව එම නිවේදනය ඉවත් කර ගැනීමට ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.5ක භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර තිබුණද එය සිදුවූ දෝශයක් බවද පසුව වාර්තා කර තිබුණි.

එමෙන්ම තායිලන්ත කාලගුණ විද්‍යා සේවයද පවසා ඇත්තේ එරට තුළ කිසිදු භූ කම්පන තත්ත්වයක් නොමැති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here