සාර්ථකව දවස පටන් ගන්න ඔබ උදෑසන කළ යුතුම දේවල්

0
12


නයිට් ඩේටා නිසා හැමදාම ගොඩක් රෑ වෙනකන් phone එකේ

ඉන්න කෙනෙක් නම් උදේට ඇහැරෙන එක ඉතාම අපහසු කරුණක්.නමුත් සාර්ථකව දවස අරඹන්න නම් ඔබට උදෑසන නැගිටල දවසේ වැඩ පටන් ගන්නම වෙනවා.පරක්කු වෙලා කලබලේ සියල්ල කරන්න ලෑස්ති වුනොත් නම් දවස කේන්තිය, නොරිස්සුම එක්ක තමයි පටන් ගන්න වෙන්නෙ. ඒ නිසාම උදෙන්ම කල් ඇතිව නැගිටින්න බලමු.

උදෙන් ම නැගිටලා වතුර වීදුරුවක් බොන එකෙන් සෑහෙන දේවල් වෙන්න පුළුවන්. ප්‍රධානම කාරණේ තමයි පැය ගාණකට පස්සේ බඩට වැටෙන වතුර පොදෙන් විජලන තත්ත්වය මග ඇරලා ඇඟට පණක් දෙන එක. ඊට අමතරව උදෑසන ආහාරයෙන් ඇඟට එන කැලරි ප්‍රමාණය අවම කිරීමට, විෂබීජ නැසීමට, මානසික සුවයට සහ විශේෂයෙන් ම පරිවෘත්තීය ක්‍රියාවට මෙය හරිම වැදගත්.

ඔබ රැකියාවක් කරන කාන්තාවක් හෝ මවක් නම් දවස පටන් ගත්තු වෙලේ ඉදලම ඔබට වෙන්නෙ පවුලේ අනෙක් අය වෙනුවෙන් වෙහෙසෙන්න. ඒ නිසාම පවුලේ අනෙක් සාමාජිකයන් අවදි වීමට පෙර ලැබෙන වෙලාවෙන් විනාඩි කිහිප‍යක් හෝ ඔබ වෙනුවෙන් වෙන් කර ගන්න.ඔබට පුලුවන් සැහැල්ලු වීමේ අභ්‍යාසයකින් හෝ පුංචි භාවනාවකින් දවස අරඹන්න, ඔබ වෙනුවෙන් හා පවුලේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් හැදීම වගේම හොද ස්වයං යෝජනාවක් ඔබේ යටිසිතට කාවද්දන්නත් මේ විනාඩි කිහිපය පාවිච්චි කරන්න පුලුවන්. නැතිනම් ඔබ කැමතිම පොතක් කියවල, සින්දුවක් අහල දවස සතුටින් පටන් ගන්නත් ඔබට පුලුවන් .

දවසේ වැඩ බෙදා ගන්න ප්ලෑන් එකක් අවශ්‍යයි. ෆෝන් එකේ ඇප් එකක හෝ කොළයක ඒක හදා ගන්න. අද දවසේ ඔබ කලයුතුම අත්‍යාවශ්‍ය වැඩ සදහා මූලිකත්වය දෙන්න.සියල්ල සදහා කාලයක් වෙන් කර ගත්තොත් ඔබට පෙනේවි දවසේ කටයුතු සදහා ප්‍රමාණවත් කාලයක් ඔබට ඇති බව.ඒ වගේම වැඩ අතපසු වීම වැලකීමටත් කල නොහැකිවූ කටයුතු ගැන අවබෝධයක් ඇතිව ඒ සදහා වෙනත් දිනයක් යොදා ගන්නත් ඔබට හැකිවේවි

ව්‍යායාම කිරීමෙන් නිකුත් වෙන එන්ඩෝර්ෆින්වලින් ආතති තත්ත්වයන් පාලනය කෙරෙනවා. උදේ වරුවේ වෙන ව්‍යායාමයෙන් ඔබට දවස බොහොම උද්‍යෝගිමත් විදියට පටන් ගන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා.ඒ වගේම ඔබව රිලැක්ස් කරන්න, ශරීරයේ නීරෝගී බව වැඩිකරන්න, නම්‍යශීලී බව වැඩි කරන්න යෝග අභ්‍යාස වලට හැකියාව ලැබේවි.

උදේට නොකා ඉන්න එක නම් හොඳ වැඩක් නෙවේ. ඒ නිසා හොඳට කන්න. හොද කැඳ වීදුරුවක්, පලතුරු යුශ වීදුරුවක් එක්ක හොද පෝෂණයක් ලැබෙන ආහාර වේලක් ගන්න. මොකද ඔබ රාත්‍රී කාලයේ දිගු කාලයක් නිරාහාරව හිටියා.ඒ නිසාම සමබල ආහාර වේලක් උදය වේල සදහා ගන්න. නීරෝගී බව රැක ගන්න ඉතාම වැදගත් කාරණයක් වෙන උදෑසන ආහාර වේල අමතක කරල නම් දවසේ රාජකාරි පටන් ගන්න එපා.

ඉතින් මේ කියන්නෙ ඔබට සාර්ථක දවසක් ආරම්භ කරන්න ඔබ කළ යුතුම දේවල් කිහිපයක්.ඔබේ දෛනික කාර්යය අනුව මේ කරුණු පොඩ්ඩක් වෙනස් වුණත් මේ කරුණු එක්ක ඔබට දවස අරඹන්න හැකි නම් විශාල වෙනසක් වගේම ලොකු සාර්ථකත්වයක් ඔබ තුළම ඇති වේවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here