අසමසම මව් සෙනෙහස සිතේ දරාගෙන විල් පතුලේ සැඟව ගිය මවක්.

0
12


නායා රිවේරා ඇමරිකා එක්සත් ජනපදයේ අතිශය ජනප්‍රිය වූ Glee කතා මාලාවේ රඟපෑ දක්ෂ සහ ජනප්‍රිය නිළියක් බව ඔබ දන්නවා ඇති. එය දැන හුන් අය වගේම ඇය ගැන කිසිවක් නොදැන හුන් අය පවා 2020 ජූලි අටවැනිදා ලෝකයේ සිටින හොඳම අම්මා කෙනෙකු ලෙස ඈ හඳුනා ගන්නවා.

නායා සහ සුව් හැවිරිදි පුතු කැලිෆෝනියාවෙි පීරූ කියන විලට යන්නේ පීනන්නටයි. මෙි විල අක්කර 1240 පැතිරුණු සමහර තැන් අඩි 130 වඩා ගැඹුරු සමහර ස්ථානවල ජලය අධික සීතල ඇති බව පැවසෙනවා.අතිදක්ෂ පිහිනුම් කරුවෙක්ට පවා තරණය කිරීම අසීරු දියවැල් එහි තිබෙනවා. එහෙත් නායා මේ ගමේ හැදුණු වැඩුණු කෙනෙක්. ඒ නිසායු ඇය නොබියව ජලාශයට බසින්නේ.

බෝට්ටු සේවයකින් බෝට්ටුවක් ගත් නායා පුතු සමඟ ජලාශයේ ඈතට යන්නේ විනෝද වන්නටයි. පැයකින් පමණ බෝට්ටුව කුලියට දුන් තැනැත්තා දකින්නේ බිහිසුණු දසුනක්. බෝට්ටුව හරස් අතට ජලය මත ගසාගෙන යන අයුරු දැකීම නිසා ඔහු බියපත් ව පොලිස් හදිසි ඇමතුම් අංශයට අමතනවා.වෙන්චුරා ප්‍රාන්තයේ ෂෙරිෆ් බිල් අයුබ් තම කණ්ඩායම සමඟ එතැනට යන්නේ ක්ෂණිකව.

බෝට්ටුව වෙත ළඟා වන ඔවුන් දකින්නේ විශ්මිත දසුනක්. නායාගේ කුඩා පුතු ජීවිතාරක්ෂක ඇඳුමක් හැඳ බෝට්ටුවේ නින්දට වැටී සිටිනවා. ඔහු අසල තවත් ජීවිතාරක්ෂක ඇඳුමක් තිබුණත් නායා පෙනෙන්නට නැහැ. පරීක්ෂක බිල් අයුබ් දරුවාගෙන් සිදු වූ දේ විමසුවත් කුඩා පුතු දෙන්නේ අපහැදිලි පිලිතුරක්.

නිලධාරින්ට සිදුව ඇති දේ වටහා ගන්න අපහසු නැහැ. ඔවුන් පිහිනමින් සිටියදී විල හරහා සුලඟක් හමා යද්දී ඇය දරුවා ද ඇදගෙන බෝට්ටුවට ළං වන්නට යත්න දරන්නට ඇති.දැඩි වෙහෙසකින් පසුව ඇය කෙසේ හෝ බෝට්ටුව තුළට පුතුව තල්ලු කරගත්තත් බොහෝ සැහැල්ලු බෝට්ටුව ගසාගෙන යන නිසා ඇයට එයට ගොඩ වන්නට නොහැකි වී තිබෙනවා. ඇය දියේ සැඟව යන්නේ පුතු ආරක්ෂිතව බෝට්ටුවට ගොඩ කිරීමෙන් පසුවයි.

පුතු නිරුපද්‍රිතව බේරා ගන්නා ආරක්ෂක අංශය නායා සොයන්නට පිහිනුම් කණ්ඩායම් වලට පවරනවා. දින හතරක් පුරා අඳුරු විල් පතුලේ සෙවූ
මුත් ඈ හමු වී නැහැ.පස් වෙනි දවසේ දිය මතුපිටට ආ සිරුර ආරක්ෂක අංශවලට හමු වෙනවා.

ඈ ඇගේ දිවිසැරිය නිමා කරන්නේ අඳුරු විල් පතුලක සැඟව ගොස්.නමුත් අම්මා කෙනෙකුට කළ නොහැක්කක් නැති බවත් ඒ ආදරය ඒ ගැඹුරු දියට වඩා බොහෝ බලවත් බවත් ලෝකයට පවසමින්.

නායා!

ස්වර්ගයේ සැනසීමෙන් හිඳින්න.
ඔබ අම්මා කෙනෙකු ලෙස බොහෝ උතුම් බවත් ඔබ ඔහු බේරා ගන්නට ඔබේ දිවිය කැප කළ බවත් කුඩා පුතු ඉක්මනින් වටහා ගනීවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here