වරාය නගර පනතේ අලුත් නියෝගවලට අනුමතිය

0
2

කොළඹ වරාය නගරය බල ප්‍රදේශය ඇතුළත ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන බලයලත් තැනැත්තන් සඳහා බදු දිරි ගැන්වීම් ලබාදීමට අදාළ 2025 සැප්තැම්බර් 20 දිනැති අංක 2454/62 දරන විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබා දීම සිදුවිය.

එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 25 දින රැස්වූ අවස්ථාවේදී ඊට අදාළ අනුමතිය හිමිවිණ.

2025 අංක 01 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග මෙම ගැසට් පත්‍රයේ පළ කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here