නැවත දැනුම් දෙනතුරු ත්‍රිකුණාමලය හා මඩකලපුව දුම්රිය ගමන්වාර අවලංගුයි

0
2

නැගෙනහිර මාර්ගයේ අද (27) ධාවනය වීමට තිබූ දුරගමන්, නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 06ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශයන්වල ගංවතුර තත්ත්වයක් ඇති වී දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ ත්‍රිකුණාමලය හා මඩකලපුව පහත සඳහන් දුම්රිය ගමන්වාර අවලංගු කර ඇත.

පෙරවරු 06.00 කොළඹ කොටුව / මඩකලපුව 

සවස 03.15 කොළඹ කොටුව මඩකලපුව  නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

රාත්‍රී 09.30 කොළඹ කොටුව / ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය

රාත්‍රී 11.00 කොළඹ කොටුව මඩකලපුව රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

කොළඹ බලා ධාවනට වන දුම්රියන්..

අලුයම 01.30 මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

06.10 මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දුම්රිය

රාත්‍රී 07.40 මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය 

රාත්‍රී 7.30 ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here