මහවැලිය අවට ප්‍රදේශවලට මහ ගංවතුරක්

0
2

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුරක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහවැලි ගඟෙහි ධාරා ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගංගා ද්‍රෝණියේ ප්‍රධාන ජලාශ බොහොමයක් වාන් දැමීම ආරම්භ කොට ඇත. 

එම නිසා කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, මැදිරිගිරිය, ලංකාපුර, තමන්කඩුව, මිනිපේ, විල්ගමුව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙලෙස මහ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගය ද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයේද ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ඇත. 

එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇති විය හැකි මහ ගංවතුර තත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here