අපේ ආණ්ඩුව යටතේ කිසිම හොර මැරකමක් වෙන්නේ නෑ. අපි තමයි ධාර්මික ඇමතිවරු – ඇමති අබේසේන

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේග රජය යටතේ කිසිදු වංචාවක් දූෂණයක් සිදුනොවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

“අපේ ආණ්ඩුව යටතේ කිසිම හොර මැරකම් වෙන්නේ නෑ. ප්‍රාදේශීය සභාත් එහෙමයි. යටින් යන වැඩපිළිවෙලක් නෑ. ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් මන්ත්‍රීවරුත් බොහොම පිරිසිදු පාලනයක් තමයි ගෙනියන්නේ. අපි දන්නවා අපේ අමාත්‍යවරු ඉලක්ක කරගෙන, අමාත්‍යාංශ ඉලක්ක කරගෙන අපිට මඩ ගහනවා. අපි කිසිම ජාතියකටවත් කිසිම ආගමකටවත් ලැදි නෑ. අනවශ්‍ය විදියට අපි ආගම්වලට බර වෙන්නෙ නෑ. හැබැයි අපි ධාර්මිකයි. අපේ රජයේ තමයි ධාර්මික ඇමතිවරු ඉන්නේ”

අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මේ බව පැවසුවේ වැලිසර ප්‍රදේශයේදී රාත්‍රී අත්පන්දු ක්‍රීඩාංගනයක් විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි.

The post අපේ ආණ්ඩුව යටතේ කිසිම හොර මැරකමක් වෙන්නේ නෑ. අපි තමයි ධාර්මික ඇමතිවරු – ඇමති අබේසේන appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here