මුලුතැන්ගෙය කියන්නේ නිවසක කාන්තාව බොහෝවිට ගැවසෙන තැනක්. මේ තැන පිරිසිදුව වගේම පිළිවෙලට තියා ගන්නත් කාන්තාවන් බොහෝවිට වෙහෙසෙනවා. තමන්ගේ මුල්තැන්ගෙයි තිබෙන ඉඩකඩ ප්‍රමාණය සීමිත නම් කොහොමද එය හරියාකාරව ප්‍රයෝජනයට ගන්නේ ? එහෙමත් නැතිනම් කුඩා ඉඩ ප්‍රමාණයක තියෙන මුළුතැන්ගෙයක් කොහොමද ලස්සනට organize කරගන්නේ ? මේ ලිපියෙන් අපි ඒ ගැන ඒගැන කතා කරමු
ඔබේ අවශ්‍යතාවය අනුව මුලුතැන්ගෙයි pantry cupboards සවි කර නැති ඕනෑම තැනක කුඩා රාක්ක සවි කරන්නට ඔබට පුළුවන්. දොරවල් රහිත විවිධ ප්‍රමාණයෙන් යුතු රාක්ක සවි කර ඔබ නිතර භාවිතා කරන ද්‍රව්‍ය ගබඩා කළ බෝතල් , කෝප්ප සහ වීදුරු ඒවායේ ගබඩා කරන්නත් , කබඩ් වලට ඉහළින් සහ ජනෙල් වලට ඉහළින් එවැනි රාක්ක සවිකර ඔබ කලාතුරකින් භාවිතා කරන උපකරණ සහ භාණ්ඩ තැන්පත් කරන්නත් ඔබට පුළුවන්
ඔබේ මුළුතැන්ගෙයි තිබෙන රාක්ක වලට හෝ ඔබ අලුතෙන් සවි කරන රාක්ක වල ඉඩ තිබෙන ස්ථාන වලට කොකු සවිකිරීමෙන් කෝප්ප සහ වෙනත් කුඩා උපකරණ වැනි දේවල් එල්ලා තබන්නට පුලුවන්
මුළුතැන්ගෙයි කවුන්ටරය මත ඔබ කුඩා දේවල් තබා ඇත්නම් ඒවාට ඉහලින් රයිසර් භාවිතා කිරීමෙන් ඔබට තවත් දේවල් ගබඩා කළ හැකියි. උදාහරණයක් ලෙස කුඩා තුනපහ බෝතල් , හැඳි බහාලුම් සහ පිහි බහාලුම් ඔබට මේවා මත තැන්පත් කරන්නට පුළුවන්
මුළුතැන්ගෙයි කුඩා ඉඩ ප්‍රමාණයක් ඇති ඔබට මේ ක්‍රමය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් . මුළුතැන්ගෙයි ඇති කබඩ්වල දෙපැත්තේ කුඩා කොකු සවිකර නිතර පාවිච්චියට නොගන්නා උපකරණ ආදිය එල්ලා තැබිය හැකියි
ඔබේ මුළුතැන්ගෙයි තිබෙන කබඩ් වල ඇත්තේ සීමිත ඉඩ ප්‍රමාණයක් නම් ඔබට හදිසියකදී අවශ්‍ය දේවල් සොයා ගැනීමට කාලය ගත වෙනවා . ඒවාට ලාච්චු හෝ කූඩ එකතු කිරීමෙන් වැඩි බඩු ප්‍රමානයක් ගබඩා කරන්නට හැකිවනවා මෙන්ම ඒවා පිටතට ඇදීමට හැකි නිසා ඔබට අවශ්‍ය දේ ඉතා පහසුවෙන් සොයා ගැනීමටත් පුළුවන්
මුළුතැන්ගෙයි බිත්ති වල ඉඩ තිබෙන ස්ථානවල කොකු සවි කරන්නට ඔබට පුළුවන් . මෙය නිසි පිළිවෙළකටම සවි කළ යුතු නැහැ . තැනින් තැන ඔබට අවශ්‍ය දේවල් එල්ලා තැබීම සඳහා මේවා භාවිතා කරන්න පුළුවන්
කාන්දම් සහිත කොකු ශීතකරණයෙහි දොරේ අලවා තැබීමෙන් අත් පිස්නා වැනි දේවල් එහි එල්ලා තැබීමට ඔබට හැකියාව තිබෙනවා
මේ සඳහා ඔබට ඔබේ ජනෙල් කවුළුව භාවිතා කරන්නට පුළුවන් . මුළුතැන්ගෙය ලස්සනට සංවිධානය කරන විට ඊට අමතර ලස්සනක් එකතු කිරීම සඳහා පැළෑටි වර්ග තැබීමට ඔබට ඉඩක් නැති වෙන්නට පුළුවන්. එවැනි පැළෑටි වර්ග කුඩා පෝච්චි තැබීම සඳහා ඔබට ජනෙල් කවුළුව භාවිතා කළ හැකියි.ඒ වගේම ජනෙල් කවුළුවට ඉහළින්ද කොකු එල්ලා තැබීමෙන් ඔබ සෝදන භාජන එහි එල්ලා සුළං වැදීම සඳහා තැබීමත් හොඳ උපක්‍රමයක්
ඔබේ මුළුතැන්ගෙයි ඇති කබඩ් සහ සිවිලිම අතර පරතරයක් තිබේ නම් ඔබ නිතර ප්‍රයෝජනයට නොගන්නා විශාල භාජන , කූඩ හෝ වෙනත් උපකරණ ඒ මත ගබඩා කරන්න ඔබට පුළුවන් . ඒ වගේම එසේ ගබඩා කරන විට එම ස්ථාන අවුල් ජාලාවක් සේ පෙනෙනවනම් ඒ භාණ්ඩ අතරට කුඩා පැළෑටි හෝ මල් පැල එකතු කළ හැකියි
මුළුතැන්ගෙයි ඔබේ වැඩ පහසු පහසු කරගැනීම සඳහා භාවිතා කරන කඩදාසි අත්පිස්නා ඔබ කවුන්ටරය මත තබාගෙන සිටිනවා නම් එය ඔබට පහසු තැනකින් එල්ලීම මගින් කවුන්ටරයේ ඉඩ ඉතිරි කරගන්නට ඔබට පුළුවන්
ඔබ නිතර භාවිතයට ගන්නා වියලි ආහාර පිරවූ බෝතල් කඩබ් වල අසුරා තැබීම ඔබට කරදරයක් වෙන්නට පුළුවන්. නමුත් මේවා කවුන්ටරය මතින් තැබීමට වුවත් ඔබ උපක්‍රමශීලී වෙන්නට ඕනේ. විශාල බෝතල් මතින් කුඩා බෝතල් තැබීමෙන් ඔබට ඉඩ ඉතිරි කරගන්න පුළුවන්
කුඩා මුළුතැන්ගෙයක් වුවත් ඉතා ලස්සනට සංවිධානය කර ගත හැක්කේ ඔබ උපක්‍රමශීලී වූවොත් පමණයි.මුළුතැන්ගෙයි කුඩා ඉඩ ප්‍රමාණයක් ඇති ඔබ ඒ ගැන වද වූවා නම් මේ ලිපියේ ඇති කරුණු ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.
Saru FM Media