ලොව HIV ආසාදියින් අඩුවන විට මෙරට HIV ආසාදිතයින් ඉහළට

0
2

ගෝලීය වශයෙන් සලකා බැලීමේදී  HIV ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළ ද ශ්‍රී ලංකාවේ  HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

දෙසැම්බර් පළමු දිනට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය මෙම අදහස් පළ කළේය.

විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය වැඩිදුර පැවසුවේ, මෙරට වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණ ප්‍රජාව තුළ HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවය. 

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය, 

“මෙවර ලෝක HIV දිනයේ තේමාව ගත්තෙත් අපි ‘අභියෝග ජය ගෙන HIV නිවාරණය අලුත් මගකට යමු’ යන්නයි. දත්තවලට අනුව ලංකාව පුරා 5,700ක් පමණ HIV සමග ජීවත්වන පුද්ගලයින් සිටිනවා කියලා අපි ඇස්තමේන්තු ගතකරලා තියෙනවා.” 

මේ අතර, කොදුඇට පෙළේ හටගන්නා වේදනාවන්ට ප්‍රතිකාර ලබාගැනීම සදහා සායන වෙත පැමිණෙන පාසල් ළමුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය නිර්මාල් මාරසිංහ මහතා පැවසූයේ, පාසල් පොත්බෑගයේ බර වැඩිවීම මීට එක් හේතුවක් ලෙස අනුමාන කරන අතර ජංගම දුරකථන සහ ටැබ් යන්ත්‍ර නැරඹීමට යොමුවීම ද මෙම තත්ත්වයට හේතු විය හැකි බවයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here