සැමියන් අනියම් සම්බන්ධතාවලට යොමු වීමට බලපාන හේතු

0
14


අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ.නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුලුවන්.විවහා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ දැක්වීමෙදි ගොඩක් අය හිතන්නෙ කසාද සහතිකෙ අත්සන් කරන එක.නමුත් ඇත්තටම ගත්තොත් විවාහයක් කියන්නෙ බිරිඳ සහ සැමියා එකිනෙකාට ආදරෙන් බැදිලා ඉන්න එකයි.

කෙනෙක් කොළ  කෑල්ලේ තියෙන කසාදෙන් පිටතට  පනින ලක්ෂණයට හේතුව හොයද්දී පේන දේ තමයි එම සම්බන්ධතාවයේ ගැටලුවක් තියෙන්න ඕන කියන කාරණය.එහිදි සැමියෙක් වෙන කාන්තාවක් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්න හේතු අපිට හොයාගන්න පුලුවන්.නමුත් සමහර අනියම් සම්බන්ධතා අපි හිතන විදියෙ හේතු නිසා ඇති වූ ඒවා නෙවෙයි.

සාමාන්‍ය ස්තී පුරුෂ සම්බන්ධතා පවතවන අය තමයි ලෝකෙ වැඩියෙන්ම ඉන්නෙ.එයාලගෙත් අනියම් සම්බන්ධතා තියෙනවා.මෙහිදී ගොඩක් වෙලාවට අපි එක එක චෝදනා කරනවා.යම් යම් කාරණා කියනවා,එයාගෙ ලිංගිකත්වය හොද නැහැ.එයා හරියට ලිංගිකව එකතු වෙන්නෙ නැහැ.එහම නැත්නම් එයා මම කැමතු විදියට ඉන්නෙ නැහැ.තවත් කාරණයක් තමයි ලිංගික ප්‍රශ්නය පැත්තකටම දාලා කියනවා රස්සාවට යන නිසා ගෙදර වැඩ කෙරෙන්නේ නැහැ. නැහැ.උනුවෙන් කෑම හදන්නෙ නැහැ .කෑම හොද නැහැ.මගෙ වැඩ කරේ නැහැ.මෙන්න මෙහෙම චෝදනා කරනවා.ඒවා සලකාබලද්දි තෙරෙනවා ඇත්ත ඒකද නැද්ද කියන දේ.අනියම් සම්බන්ධතාවයකට පෙළඹෙන  බොහෝ පුරුෂයන් විවාහ වෙලා තියෙන්නෙ ඉතා හොද අවබෝධයකින් නෙවෙයි.

මූලික ආකාර්ෂණයට යාලු වෙනවා. ටික කාලයක් ගත වෙනවා.සමහර අවස්ථාවලදි විවාහයට පෙර ඔවුන් අතර ලිංගික සම්බන්ධතා ගොඩනැගෙනවා.සමහරවිට කන්‍යාභාවයට හානි වන හෝ හානි නොවෙන.ඔවුන් අතර ලිංගික ගනුදෙනුවක් ගොඩනැගිලා නිසා අතෑරගන්න බැරි වෙනවා.ඊලග කාරණය දෙමව්පියන්ට කියලා ඉවරයි.නෑදෑයනට කියලා  තියෙන්නෙ.card හදලා hotel book කරලා ඔක්කොම කරලා නිසා අනිතිම මොහොත වෙනකොට අපේ නොගැලපීම් දැනුනත් ඉවත් වෙන්න බැරිකම හින්දා කසාද බදිනවා.ඊටපස්සෙ ටික කලක් යද්දී ඒ අය අතරේ දුරස්ථ බාවය ඇතිවෙනවා.කසාද බැදලා තියෙන්නෙ දෙන්නගෙ කැමැත්තෙන් නෙවෙයි.වෙන අයගෙ අවශ්‍යතාවයන් හේතුවෙන්.

බොහෝ බිරින්දෑවරුන් විවාහයට පෙර  ඉතාම වැරදී තීරණයක් ගන්නවා තමන්ට අවශ්‍ය විදියට  සැමියව හදාගන්න පුලුවන් කියලා.සමහර වෙලාවට වැඩිහිටියොත් උපදෙස් දෙනවා බැඳලා  හදාගන්න කියලා.එතකොට විවාහය  කියන්නෙ එක එක මිනිසුන් හදන්න හදන company ක් නෙවෙයි.එතනදි කරන්න ඕන ඒ යුවල හොදින් ජීවත් වෙමින් ලමයි හදන එක.බදින වයස වෙනකන්ම හදන්න බැරි වූ කෙනෙක්ව විවාහයෙන් පසුව හදාගන්න හදන එකෙදි විශාල මානසික ගැටුම් ඇති වෙනවා.මෙන්න මෙහෙම තමන්ට කැමැති විදියට අනිත් කෙනාව දැඩි ලෙස වෙනස් කරන්න උත්සාහ කරන ක්‍රියාවලියෙ ප්‍රතිඵලයක් විදියට සැමියන් වෙනත් කාන්තාවන් කෙරෙහි ආෂක්ත වෙනවා.

 කාන්තාවන් තේරුම්ගත යුතු වැදගත් කාරණාවක් තියෙනවා.  විවාහ ජීවිතයක් ඇතුලේ ඉතා හොද දැඩි ආදරයක් බැදිමක් පැවතීම සදහා ඔවුන් අතර ඉතා හොද ලිංගික සම්බන්ධයක් තිබිය යුතුයි.මෙහිදී අදහස් කරන්නෙ හුදෙක් ලිංගිකව එකතු වීම පමනක් නෙවෙයි.අනිත් කාරණය අනිත පුද්ගලයාගේ වුවමනා එපාකම් අවශ්‍යතා ගැන මානුෂිය මුහුණුවරකින් තේරුම් ගැනීම කියන කාරණාව.මෙ කරුණු දෙක ඉතාම වැදගත්.බොහෝ වෙලාවට විවාහයට පෙර සමහර කාන්තාවෝ ලිංගික කටයුතුවලට යම් අකැමැත්තක් දක්වනවා.නමුත් ඒක බරපතල ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. විවාහ වුනාට පසුව පලමු දරුවා ලැබෙන තුරු බොහෝ කාන්තාවන් ලිංගික සම්බන්ධතාවය ඉතා හොද මට්ටමක තියාගන්නවා.මව් පදවිය ලැබීමත් සමග ඇයගේ ශරීරයේ රසායන ද්‍රව්‍ය වෙනස් වීම හා මානසික වශයෙනුත් වෙනස් වීම් හටගන්නවා.වගකීම් සහගත් දෙවල් ඇති වෙනවා.හැබැයි බෝහෝ කාන්තාවෝ පලමු දරුවා ලැබීමත් සමග තමන්ගේ සැමියා සමග තිබූ ලිංගික කටයුතු 40,50%කින්  විතර අඩු කරගන්නවා.දෙවෙනි දරුවා ලැබීමෙන් පසුව අතිශයින් අඩු වෙනවා.මෙන්න මේ තත්වය බොහෝ බරපතල හානියක් සිද්ද කරනවා විවාහයට සහ පිරිමින් වෙනත් කාන්තාවන් කෙරෙහි ආකාර්ෂණය වීමටත්.

ගැබ් ගැනීමත් එක්කම බහුතරයක්  සම්පූර්ණයෙන්ම  ලිංගික ජීවිතයෙන ඉවත් වෙනවා.අනිත් කාරණය ගැබ් ගැනීම  අසනීප තතවයක් අමාරූ කාරණයක් ලෙස බරපතළ ලෙස සැලකීමක් දකින්න තියෙනවා.නමුත් ගැබ් ගැනීම සාමාන්‍ය සංසිද්ධික් බව තෙරුම්ගත යුතුයි.ගැබ් ගැනීම ලිංගිකත්වයෙන් ඉවත වීමට හේතුවක් නොවන බවට පැහැදිලි කරගන්න ඕන.වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරලා තියෙනවා ගර්භනී කාලය තුල ලිංගික ක්‍රීයාවලිය මවගේ සෞඛයටත්   හොදයි.මානසිකතවයත් හොදයි.ලිංගිකත්වය නොලැබීම තවත් කෙනෙක් සමග සම්බන්ධයක් ඇති කරගැනීමට පවතින හේතුවක්.

තව කාරණයක් ගත්තොත් බොහෝ  ගැහැනු ලමයි විවාහයට පෙරාතුව හැඩ වැඩ වීමට හරිම ආසයි.යම් යම් දේවල් කරනවා මූනේ හැඩය පවතවා ගැනීමට.saloon ගණනාවකට යනවා.විවාහ වීමෙන පසුව එවැනි දෙවල් නතර කරනවා.එමෙන්ම ශාරීරික හැඩ පවත්වා ගැනීමට තිබෙන උනන්දුව බොහෝ
ගැහැනු ළමයින්ගෙන් නැති වෙනවා.රැකියාවට යන කීපදෙනෙක් වෘත්තීය අවශ්‍යතා නිසා සුලු දෙයක් කරත් ලස්සනට ඉන්න මතක් වෙන්නෙ මගුල් ගෙදරක් වැනි උත්සව අවස්ථාවකදි විතරයි.මෙහෙම අවස්ථාවලදිත් ප්‍රශ්න ඇති වෙනවා.

තමන්ගේ ආකාර්ෂණීය ලෙස තිබු ගතිලක්ෂණ පවත්වා ගෙනයන්න ඕන.විවාහය්ත් සමග එකපාරට හැමදේම නැවැත්තුවම සැමියා පොඩි වික්ෂිප්ත භාවයකට ලක් වෙනවා.කලින් මම දැකපු කෙනාමද මේ ඉන්නෙ කියලා හිතන මට්ටමක් එනවා.ඒම නිසා එක්කො විවාහයට පෙර අනවශ්‍ය දේවල් නොපෙන්වා ඉන්න ඕන.නැත්නම් විවාහයට පසුවත් එම ගති ලක්ෂණ පවත්වා ගන්න ඕන.මෙම කාරණයේදී තමන්ගේ රූප ස්වභාවය තමන්ගේ ගතිගුණ පවත්වගෙන යන්න ඕන.

බොහෝ වෙලාවට ගෙදර ඉන්න බිරිඳක් හෝ වේවා වැඩට යන කෙනෙක් හෝ වේවා ඇදුම් පැලදුම් ගැන තමන්ගේ පිරිසිදුබාවය ගැන,ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් විය යුතුයි.

 බොහෝ වෙලාවට කාන්තාවන් තුල තියෙන ලක්ෂණයක් තමයි තමන්ගේ සැමියා ලගදී අනවශ්‍ය ලැජ්ජාශීලී බවක් ඇති කර ගැනීම.මේක බොහො පවුල්වලදී දකින්න තිබෙන ලක්ෂණයක්.අපි බෝහෝ වෙලාවට විවාහය තුලදී ලිංගික කටයුතු තුලදී අපේ තියෙන චරිත මාරූවීම අත්‍යවශ්‍යයි.සයනයේදී තමන්ගේ සැමියා සහ බිරිඳ අතර කිසිදු ආකාරයක ලැජ්ජාවක් හෝ ලිංගිකත්වයට නීතීරීතී අවශ්‍ය වෙන්නෙ නැහැ.වෛද්‍ය විද්‍යාත්මකව කියන්නෙ දෙදෙනාට හානියක් සිදු නොවෙන අනතුරක් සිදු නොවෙන ඕනෑම ක්‍රියාවලියක් පවත්වා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ .බෝහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි සබඳතාවක් පැවැත්වීමේදී තිබෙන ආචාරශීලීභාවය.එහම නැත්නම් හොද නැහැ කියලා හිතන එක.ඒත් එක්කම තියෙන බරපතළ කාරණයක් බොහෝ බිරින්දෑවරුන් තමන්ගේ අවශ්‍යතාවලට කතා නොකිරීම.අඩුම ගානේ සමහර සැමියන් දන්නෙවත් නැහැ තමන්ගේ බිරිඳ උපරිම තෘප්තියකට පත් වුනාද කියලවත්.බිරිඳ ඒ පිලිබද කියන්නෙත් නැහැ.තමාව ස්පර්ශ කරනවාට කැමති ආකාරය සිපවැලදාගැනීමට කැමති ස්ථානයක් තමන්ගෙ සැමියට කියන එක ඉගියකින් දැනුම් දෙන එක බිරිඳකට කල හැකි දෙයක්.

බොහෝ දෙනෙක් හිතන්නෙ කාන්තාවන් තමයි වැඩියෙන්ම ආදරේ විදින්න කැමති.පිරිමින් කැමති නැ කියලා.නමුත් පිරිමින්ට ඕනේ ලෙංගතුකමක් සහා ආදරයක් අනිවාර්යයෙන්ම තියෙනවා.හැබැයි ඒක පෙන්වන විදියේ සහ කතාකරන විදියේ වෙනසක් තියෙන්න පුලුවන් .අවශ්‍ය නැහැ වගේ හැසිරෙන්න පුලුවන් .නමුත් බොහෝ වෙලාවට බිරින්දැවරු විවාහයෙන් පසුව ගෙදර වැඩ කටයුතු දූ දරුවන්ගේ වැඩ කටයුතු පමණට වඩා හිසට ගැනීම තුල සැමියා සමග ගත කරන කාලය අතිශයින් අඩු කර ගැනීම කියන්නෙ ඒ අය  වෙන අය කෙරෙහි බැදෙන්න තියෙන හේතුවක් වෙනවා.

සමහර අවස්ථාවලදි පමණට වඩා තම සැමියාගේ අතිශය පුද්ගලික දේවල්වලට අත  පෙවීම කියන කාරණය.විවාහ ජීවිතයක් ඇතුළේදි වුනත් සැමියටත් බිරිඳටත් දෙදෙනාටම අතිශය පුද්ගලික ඉඩකඩක් තිබිය යුතුයි කියන එක මනෝවිදයාව කියන කාරණයක්.එතකොට අනවශ්‍ය විදියට එම පුද්ගලික ඉඩකඩට අත දාලා සම්පූර්ණයෙන්ම ඒවා අවහිර කරලා තමන්ගේ දෙමව්පියන් බලන්න යන්න නොදීම යාලුවන් ආශ්‍රය කරන්න නොදීම උත්සවයකට යන්න නොදීම වැනි ඉතාම සාධාරණ හේතුවකින් තොරව දැඩි නීතීරීතී දැමීම සැමියෙකුට ටිකෙන් ටික තම බිරිඳව එපා වෙන්න තියෙන කාරණාවක්.

මෙම කාරණාවට දෙදෙනාම  වගකියන්න ඕනෙ.සාධාරණ හේතුවක් නැතිව සැක කීරීමේදී අනවශ්‍ය විදියට දුරකථන භාවිත කිරීම සම්බන්ධතා බිදෙන තතවයකට පත් වෙලා තියෙනවා.යම් පුරුෂයෙකුට තමන්ගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන්න බැරි අවස්ථා තියෙනවා.විශේෂ board meeting එකකදි කියලා හිතමු.එම වෙලාවට බිරිඳක් සිතිය යුතුයි එයා answer කරන්නෙ නැත්තේ සාධාරණ හේතුවක් නිසා කියලා.නමුත් සමහර අය එක දිගට call  ගන්නවා.එවැනි අවස්ථාවලදි සැමියගේ මානසික තත්ත්වය  ඉතාමත් අයහපත් වෙනවා.තවත් කාරණයක් තමයි අනවශ්‍ය විදියට සැමියාගේ යාලුවන්ට කතා කරන එක.

මෙවැනි කාරණා දෙපාර්ශවය එක් වී කතා බස් කර විසදා ගැනීම අවශ්‍යමයි.ආදරය විශ්වාසය තුළින් මෙය මගහරවා ගන්න අවශ්‍යයි

ඒ අනුව ඉහත සඳහන් කළ සියලු කරුණු අනුව අපට අනාවරණය වන්නේ   විවාහයක් දෙදරා යෑමට අප නොහිතෙන හේතු තිබෙන බවයි.එබැවින්  පරිස්සමින් අවබෝධයෙන් ජීවත් වෙන්න පවතින දුර්වලතා හඳුනා ගෙන නිවැරදි කර ගැනීම ඉතාම වැදගත්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here