එළු පැටියෙකුට උපත දුන් ගැහැනිය

0
12


දෙවසරක කාලයක් ගැබ් ගැනීමෙන් පසු කාන්තාවක් එළුවෙකු ප්‍රසූත කර ඇති බව නයිජීරියානු මාධ්‍ය වාර්තා කරනවා.

 නම සඳහන් නොකළ ඒ කාන්තාව වසර දෙකක් පුරා ගැබ්ගෙන ඇති බව වාර්තා වූ අතර උපකාර සඳහා ප්‍රජා මධ්‍යස්ථානයකට ගියා

ප්‍රදේශයේ දේවගැතිවරයෙකු විසින් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සායනයක් පිහිටුවා ඇති අතර එහි ගිය එම කාන්තාවගේ ප්‍රසූත වේදනා වැඩි වී ඇති බව පෙනුණා.

කොන්ක්‍රීට් තට්ටුවේ ලේ විලක් මැද සිටි එළු පැටවෙකු වැනි සතෙකු ගැන ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කිරීම නිසා එය නැරඹීමට ජනතාව රැස්ව සිටියා.

මෙම සිදුවීම නයිජීරියාවේ පෝට් හාර්කෝට් නගරයේ සිදු වූ බව කියනු ලබන අතර එය මුලින්ම සමාජ මාධ්‍යවල වාර්තා වූ අතර එය නයිජීරියා ටුඩේ, ඩේලි පෝස්ට් සහ හෙරල්ඩ් ඇතුළු රටේ කලාපීය පුවත් වෙබ් අඩවි වල වාර්තා වුණා.

නමුත් කතාවේ සඳහන් වන්නේ මෙවැන්නක්.

කාන්තාවට දරුවන් සය දෙනකු සිටිනවා.මේ හත්වැනි ගර්භනී භාවයයි.ඒ දරුවා මාස නවයකට පසු බිහි නොවූ නිසා ඇය ප්‍රතිකාර ගන්නට ගිය අතර වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කමක් නිර්දේශ කර තිබුණත් ඇය එය ප්‍රතික්ෂේප කර නිවසට පැමිණ තිබෙනවා. සාමාන්‍ය ලෙස දරුවෙකු බිහිවන තෙක් ඇය බොහෝ කාලයක් බලා සිට ඇති බවයි පැවසෙන්නේ.

ඇය ප්‍රාදේශීය රෝහලට පැමිණ ඇත්තේ එළුවා බිහිවීමෙන් අනතුරුව බව පසුව හෙළිදරව් වුණා.ඇයට රාත්‍රී අපහසුතා ඇති වී ඇති අතර දරුවා ලෙස එළුවෙකු බිහිවීමෙන් පසු දියණිය ගොස් උදව් ඉල්ලා ඇති බව පැවසෙනවා.එළු පැටියා බිහි වී තමන් දෙස බලා සිටි බවත් ඔහු ඉතා දුර්වල දුර්වලව සිටි බවත් ඉපදී මිනිත්තු තිහක් ඇතුළත මිය ගිය බවත් කාන්තාව ප්‍රකාශ කර සිටිනවා.

ඇය එළුවෙකු සමග සමඟ සම්බන්ධතාවක් ඇති කර ගෙන ඇති බවට මිනිසුන් ප්‍රකාශ කර ඇතත් එය සිදුවන්නට ඉඩ නැති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ.ඒ කතා විස්වාස කරමින් ඇගේ සැමියා ඇය අත්හැර දමා තිබෙනවා.මෙය නිසා කාන්තාව ඉතා විශාල මානසික පීඩාවකින් පසුවනවා.බිහි වූයේ එළුවෙකු බව දැක තිබෙන පිරිස වැඩියි.නමුත් මෙය ජීව විද්‍යා කාරණා අතරට  ගැනිය නොහැකි සිදුවීමක්.

“එළු පැටිය බිහි කරන එක මට මහා විශාල වේදනාවක් වුණා.ඔහු මං දිහා බලාගෙන හිටියා.මට හොඳටම මතකයි ඒ බැල්ම.”

ඇය පවසනවා.අම්මා එළු පැටියෙකු බිහි කළ බව වැඩිමහල් දියණියද ස්ථිර කරනවා 

යක්ෂ බලපෑම හෝ මායාමය සිදුවීමක් ලෙස දැන් මේ සිදුවීම ගණන් ගැනෙන බව සත්‍යයක්.සැබෑවටම සිදු වූයේ කුමක්දැයි කිසිවෙකුත් දන්නේ නැහැ.

මේ අත්භූත සිදුවීමක් ලෙස බැහැර කරන්නට සිදුව ඇත්තේ ඒ නිසා වෙන්නට ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here