සහකරුට ඔයාගෙන් තොර ලෝකයක් නැත්තම් භයානකයි

0
13


සම්බන්ධතාවයක් තුළදී කැපකිරීම් වගේම විවිධ උත්සාහයන් දරන්නට අපට සිදු වෙනවා. ආර්ථික තත්ව පවා බෙදා ගන්නා තරමට සම්බන්ධතාවයක් ගෙන යාම පහසුයි.ඔබේ සහකරු අධික ලෙස මානසිකව හා කායිකව ඔබෙන් පරපෝෂණය වන්නේ නම් එය එතරමට හොඳ දෙයක් නෙවෙයි. ඔබ ඉන්නේ මෙවැනි සබඳතාවයක බව තේරුම් ගන්නේ කොහොමද?

සම්බන්ධතාවයක් තුළ දෙදෙනා එකට බැඳී සිටිය යුතු බව ඇත්ත. නමුත් ඔබට තනියම කොෆී එකක් බොන්නවත් යන්න නොදී ඔහු ඔබ පසුපසම ද? එහෙම නැත්නම් ඔහුට ජිම් එකට යන්න නැතුව මිතුරෙක් මුණ ගැසෙන්නට යන්න නැතුව ඔබට පස්සෙන්ම යන්න හිතෙනවාද? එනම් ඔබ දෙදෙනාගෙන් කෙනෙක් පරපෝෂිතයෙක්.

ඔබට වෙනම මිතුරන් සිටීද යන්න සලකා බලන්න. ඔබේ සියලු මිතුරන් ඔබේ සහකරුගේ මිතුරන් බවට පත්ව ඇති බව ඔබ හදිසියේම දැක තිබේද? යම් දුරකට, මෙය සාමාන්‍ය දෙයකි. ඒත් ඔහුට කිසිම යාලුවෙක් නැතුව ඔබේ මිතුරන් ඔහුගේ යාළුවන් කරගන්නට යනවානම් තත්ත්වය ටිකක් අසාමාන්‍ය බව තේරුම් ගන්න.

සෑම දෙයක්ම ගෙවීමේදී ප්‍රවේශම් වන්න. හැම කෙනෙකුම වරින් වර මුදල් සඳහා හිර වී සිටින නමුත්, රාත්‍රී ආහාරය, චිත්‍රපට, චාරිකා,නිවසේ වියදම්,අධ්‍යාපනය, ගෙවල් කුලී සහ වෙනත් බිල්පත් වැනි විශාල දේවල් සඳහා සෑම විටම ගෙවන්නේ ඔබ බව ඔබ සොයා ගන්නේ නම් ගැටළුවක් ඇති බව තේරුම් ගන්න.

ඔහුට ඔබ දේවල් දෙන තරමට ඔහු ඔබට කිසිවක්ම ලබා දෙන්නේ නැත්නම් එතනත් ගැටළුවක් තිබෙනවා. එකිනෙකා ස්ථාවර සහ ස්වාධීන වීම යහපත්. නමුත් ඔහු ඔබෙන් යැපෙමින් ඔබට කිසිවක්ම නොදෙනවානම් එය විශාල ගැටළුවක්.

ඔබ සහ ඔබේ සහකරු ඕනෑම වේලාවක පිටත සිටින විට, ඔහු හෝ ඇය වෙනත් පුද්ගලයින් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කරනවද? නිරන්තරයෙන් ඔබේ අවධානය ඉල්ලා සිටිනවද? සාමාන්‍යයෙන් අන් අය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වන්නේ ද? ඒ හේතුත් ඔහු ඔබ කෙරෙහිම යැපෙන්නට හේතුවක් වෙන්න පුලුවන්.

කාන්තා සමූහවලදී Run ලෙස ඔබට අනතුරු අඟවන Red flags මේ ලිපිය පුරා පේනවා නේද?  මේ කාරණා සම්බන්ධතාවයක් අත් හරින්නම හේතුවක් නෙවෙයි. ඒත් කතාබහ කරමින් විසඳා ගනිමින් තීරණ ගන්න ඕනෑ තත්ත්වයක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here