කිලිනොච්චිය, අක්කරායන්කුලම ස්කන්ධපුරම් ප්‍රදේශයේ දී බෑණා විසින් පහරදීමෙන් මාමණ්ඩියක 24 දා මිය ගොස් තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වූ කතිරවේලු සිවරාසලිංගම් නමැති අයෙකි. බෑනා සිය දියණිය සමග රණ්ඩු වූ අවස්ථාවේ දී එය බේරීමට යාමේදී පොලු පහරක් වැදී මාමණ්ඩිය බරපතල තුවාල ලබා ඇත. වහාම ඔහු අක්කරායන්කුලම රෝහල වෙත රැගෙන ගියත් රෝහලේ දී මියගොස් තිබේ.
මෙම පහරදීම සඳහා බෑනාගේ බාප්පාකෙනකු ද සහය වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
සිද්ධියෙන් පසුව බෑනා හා ඔහුගේ බාප්පා පළාතෙන් පලාගොස් ඇත. පරීක්ෂණ ආරම්හ කළ අක්කරායන්කුලම පොලිසිය පසුව ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ
Saru FM Media









