මනමාලයාගේ නිවසින් මනමාලිය රන් උස්සලා – විවාහ වීමට තව මාසයයි:

0
2

විවාහ වීමට මාසයක් පමණ තිබියදී යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ මනමාලයාගේ නිවසින් රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කළ මනාලිය චාවාකච්චේරි පොලිසිය විසින් 24 දා අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ මෙම තරුණයා කිළිනොච්චියේ තරුණියක සමග පෙමින් වෙලී සිටීමෙන් පසුව ඔවුන්ගේ විවාහයට දින නියම කර ගෙන ඇත. විවාහ මංගල්‍යයේ කටයුතු සැලසුම් කිරීම පිණිස මනාලිය මනමාලයාගේ නිවසට පැමිණ දින කීපයක් සිට ආපසු කිළිනොච්චියට ගොස් තිබේ.

දිනක් මනමාලයා තම අල්මාරිය විවෘත කර බලන විට පවුම් 8 කට වඩා වැඩි බරකින් යුත් රන් භාණ්ඩ සියල්ලම අල්මාරියෙන් අතුරුදහන් වී තිබෙනු දැක වහාම ඒ පිළිබඳව චාවාකච්චේරි පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය විසින් සැකපිට මනාලිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඇය විසින් හොරකම් කරන ලද සියලු රන් භාණ්ඩ අලෙවි කොට මුදල් ලබා ගෙන ඇති බව හෙළි වී තිබේ. නීති විරෝධී පරිගණක ක්‍රීඩාවකට මුදල් ආයෝජනය කිරීමෙන් ණය වී තිබුණු රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඇය මෙම මුදලින් ගෙවා තිබූ අතර ඉතිරි මුදල් ඇය සිය බැංකු ගිණුමේ තැන්පත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය චාවාකච්චේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here