මොනරාගල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සමඟ බුත්තල, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.
එම නිසා වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති අතර එහිදී වාන් දොරටු දෙකක් ඝන අඩිය බැගින් සහ වාන් දොරටු හතරක් අඟල් හය බැගින් විවෘත කිරීමට කටයුතු කළ බව මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේය.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මැණික් ගඟ පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින් කතරගමට පැමිණෙන බැතිමතුන්ට අවධානයෙන් පසුවන ලෙස මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.
මේ හේතුවෙන් මැණික් ගඟ දෙපස ජනතාව සහ කතරගම, සෙල්ලකතරගම පූජා භූමියේ බැතිමතුන් මැණික් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් දන්වා සිටී.
මේ අතර, වැල්ලවාය අලිකොට ආර ජාලශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා වැල්ලවාය වේවැල්කදුර මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවී තිබේ.
වැල්ලවාය ප්‍රදේශයට පවතින අධික වර්ෂාපතනය සමඟ අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු විවෘත කිරීමත් සමඟ වැල්ලවාය වේවැල්කදුර මාර්ගය ජලයෙන් යට වී ඇත.
Saru FM Media





