ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට ( 08 ) සිට නීතිය තදින් ක්‍රියාත්මක කෙරේ . ප්‍රවාහන නියෝජ්‍යප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සිය facsebook ගිණුමෙහි මේ බව අවධාරණය කර තිබේ .
ඒ අනුව ,
ධාවනයට නුසුදුසු තත්වයෙ තිබියදී ධාවනය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශොධිත ප්‍රධාන ප්‍රඥප්තියෙ 146 වන වගන්තිය .]
වර්ණය වෙනස් කිරිම.
[2013 රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 1795/35]
නිවි නවි දැල්වෙන සවිරාම වු විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය.
[මෝටර් වාහන පනතෙ 153(2) වගන්තිය.
2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය .]
වාහනවල නළා භාවිතය.
[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය.
2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46 න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 155 වන වගන්තිය .]
මෝටර් වාහන වල ඉදිරියෙ, පිටුපස සහා බඳහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම.
[1996.05.16 දිනැති රජයෙ අති විශෙෂ ගැසට් පත්‍ර 923/12.]
නීති විරෝධි සවිකිරීමි නිර්මාණ වෙනස් කිරිම.
[2009 අංක 08 දරන මෝටර් පනත ( සංශොධිත ) පනතෙහි
5 වන වගන්තියෙ සංශොධිත 2 වන වගන්තිය
9 වන වගන්තියෙ සංශොධිත 10 (2 )වන වගන්තිය]
වැනි දේ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට නියමිතය .
Saru FM Media