වයස අවුරුදු 70 දී ලෝක බැඩ්මින්ටන් කිරුළ ලංකාවට රැගෙන ආ දිරිය කාන්තාව

0
13


වයස අවුරුදු 70 ක කාන්තාවක් ගැන ඔබට මොනවද හිතෙන්නේ? වයස්ගතව, ආගමික කටයුතු වල නියැලෙමින්, දරු මුණුපුරන්ට කතාන්දර කියමින්, පිරිහුණු ශරීර සෞඛ්‍ය පිළිබඳ ආඩපාලි කියමින්, එහෙම නැත්තම් සන්සුන්ව කාරුණිකව සිය දිවියේ අවසානය සනිටුහන් කරමින්… නැහැ. එහෙම නෙවේ. අප කියන්න යන මේ කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. වයස අවුරුදු හැත්තෑවේදී ලංකාවට ලෝක බැඩ්මින්ටන් කිරුළ රැගෙන ආ කාන්තාවක් ගැන. ඇය රෝහිණී ජයවර්ධන.

රෝහිණි කොළඹ කාන්තාවක්. බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ඇයගේ පාසල් ජීවිතය ආලෝකමත් කළා. ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමුවන්නේ  අහම්බෙන්. දියණියගේ පැයක පෙර පාසල් කාලය අතර ඇයට ලැබෙන විවේකය අර්ථවත්ව ගෙවා ගැනීමටයි ඇය ඔස්ටර්ස් ක්‍රීඩා සමාජයට ගොස් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන්නේ. ඒ ආරම්භය තමා ඇයව මෙතරම් දුරක් රැගෙන එන්නෙත්.

ඇය පවසන්නේ තමන් තවමත් පිහිනුම් ක්‍රීඩාවේ නිරත වන බවත් තමාගේ ව්‍යායාම් වන්නේ නිවසේ කාර්යයන් බවත්. ඒ වගේම රන් පදක්කම දිනු තරඟයේ ඇය ගේ ප්‍රතිවාදියා වී තිබුණේ නවසිලන්ත ජාතිකයෙක්. ඉතින් ඇයගේ රටේදීම ඇයව පරදා ජය ගන්නට ලැබීම සතුටක් වන බව පවසන ඇය තරඟය නැරඹු ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තමාට විශාල සහයෝගයක් ලබා දුන් බව පවසනවා.

ඉතින් ඔබ පිළිගන්නවා නේද ? වයස අවුරුදු 70 දී දිනා ගන්නා ජාත්‍යන්තර ජයග්‍රහණයක් පසු පස තිබෙන්නේ ධෛර්යයේ සහ නොපසුබස්නා බවේ කතාව මිස අන් කිසිවක් නොවන බව.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here