නීති විරෝධීව වත්කම් උපයාගත් කාන්තාවක් අත්අඩංගුවට

0
2

මොරටුව, මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව, සිදු කරන ලද විමර්ශනයේදී ඉහත පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් වත්කම් උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර එසේ උපයා ගන්නා ලද මුදලින් එම පුද්ගලයාගේ බිරිඳගේ නමින් පානදුර ප්‍රදේශයේ පර්චස් 10 ක ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ඉදි කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.

නීති විරෝධි ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් මිලදී ගැනීම හා පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ 2025.11.21 වන දින මධ්‍යම අපරාධ කාර්යංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය 2025.11.22 වන දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.12.01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here