මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම ප්‍රාදේශීය සභාවේ සභාපපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු අද (25) අධිකරණයට භාර වීමෙන් අනතුරුවය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එමෙන්ම සිද්ධියට අදාළ නඩුව ලබන මස 15 වැනිදා යළි කැඳවීමටද මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී නියෝග කළේය.
මෙම සංඥා පුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන පොලීසියට පසුගියදා පැමිණිල්ලක්ද ගොනු කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එක් සැකකරුවෙකු ඊයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම පසුගිය නොවැම්බර් මස 03 වනදා ආරම්භ කර තිබුණි.
එම සවිකරන ලද පුරාවිද්‍යා සංඥා පුවරු අදාළ ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් පසුගිය 22 වැනිදා ගලවා ඉවත් කර තිබේ.
එම පුවරු ගලවා ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ ද සංසරණය විය.
Saru FM Media









