නව රජය බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2025-10-31 වන දිනට රුපියල් බිලියන 39 ක බදු පසු ශුද්ධ ලාභයක් ලැබු අතර එය පෙර වසරට සාපේක්ෂව බදු පසු ශුද්ධ ලාභයේ රුපියල් බිලියන 12 ක පමණ වර්ධනයකි.
එබැවින් ඉන් රුපියල් බිලියන 5ක් ඒකාබද්ධ අරමුදලට ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
2025 සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 2ක් ඒකාබද්ධ අරමුදලට ලබා දී ඇති අතර තවත් බිලියන 3 ක් 2025 දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිතය.
ශ්‍රී ලංකා වරාය 2024 වසර දක්වා දශක ගණනාවක ඒකාබද්ධ අරමුදලට ලබාදී ඇති මුදල රුපියල් බිලියන 10.3ක් බව වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශය කියා සිටී.
Saru FM Media







